නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගලේ කෙටූ අයවැයක් නොවේ- රටට සේවයක් කරන අඳහසක් ගේනවා නම් එකතු කරන්නම්-මුදල් අමාත්‍ය

    දෙසැම්බර් 16, 2015
    මේක ගලේ කෙටූ අයවැයක් නොවේ.නම්‍යශීලීව යම් අඳහසක් ගේනවානම්, අන්තවාදී නොවන රටට සේවයක් කරන අඳහසක් 
    ගේනවා නම් එය එකතු කරන්න සූදානම් යැයි  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන 
    ප්‍රශ්නකට පිළිතුරු ලබාදෙමිනි.
    ශ්‍රී ලංකා රජය වඩාත් ජනතාවට සුදුසු දෙයයි සිදු කරන්නේ.අයවැයෙන් පසුව ඩොලර් මේ රටට ගලා ඒමක් සිදු වෙනවා.ආයෝජකයන් දිරි ගන්වනව මේ රටට මුදල් ගෙන ඒමට.
    ගෙව්ම් ශේෂයේ කිසිම ප්‍රශ්නයක් නෑ.අපේ ප්‍රශ්නය වන්නේ වෙළෙඳ ශේෂයයි.අපේ අපනයනය වැඩි වෙලා, ආනයනය අඩු වෙලා. අපට 
    අවශ්‍ය වන්නේ මේ රටට තාවකාලිකව වෙළෙඳ ශේෂය නිවැරැදි කරන්නයි. අපි  ඒ නිසයි අපනයනය දිරිගන්වලා, ආනයනය අඩු කරන්නට කටයුතු කරන්නේ.
    අගමතිතුමා ඉදිරිපත් කරන්නේ, සියලු දෙනාගේම අඳහස් උපයෝගී කරගෙන.කාරක සභා අවස්ථවට විවිධ අඳහස් එනවා. මේක ගලේ 
    කෙටූ අයවැයක් නොවේ.නම්‍යශීලීව යම් අඳහසක් ගේනවා නම්, අන්තවාදී නොවන රටට සේවයක් කරන අඳහසක් ගේනවා නම් එය 
    එකතු කරන්නම්.
    කියයි අපි පැනලා ගියා කියලා. අපි සූදානම් උත්තර ලබාදෙන්න.මේ අයවැය ලේකම්වරු හදලා මෙහෙ ගෙනැත් කියවූ එකක් 
    නොවේ.මන්ත්‍රීවරු සියල්ලගේම අඳහස් උපයෝගී කරගෙන, මාස පහක් කතා කරලා,උත්තර දෙන්න පුළුවන් අයවැයක් ඉදිරිපත් කර 
    තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya