අමාත්‍යවරයා අද (16) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ නිවාස හා ඉදිකිරීම්
අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස්ස් දක්වමිනි.
රටේ මැතිවරණ කොට්ඨාශ 160ක නිවාස 300 බැගින් නිවාස 50,000 වැඩසටහන සැමට සෙවන ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි
වුණා. අපි යටිතල පහසුකම් සඳහා රුපියල් ලක්ෂයක ණය පහසුකම් ලබාදීමට කටයුතු කළා. අපි මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 25 තුළම
ක්‍රියාත්මක කරන්නට මුල පිරුවා.
නිවාස 50,000 ඉලක්කය දෙසැම්බර් 8 වෙනිදා වනවිට 35,220ක නිවාස ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවුණා.ඉතිරි නිවාස 15,000ක ඌනතාවය වසර 2016 දී සම්පූර්ණ කිරීමට කටයුතු කරනවා.
නිවාස අමාත්‍යාංශය ඉදිරි දැක්ම තවදුරටත් ඉදිරියට ගෙන යනවා.හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතගේ යුගය නිවාස
ක්ෂේත්රයේ ස්වර්ණමය යුගයයි.මේ කාලය තුළ සිටි නිවාස අමාත්‍යවරු විශාල වැඩකොටසක් නිවාස ක්ෂේත්රයට සිදු කර
තිබෙනවා.නිවාස ජාතික ප්‍රතිපත්තියේ අඩු පාඩු සකස් කර නව ගමනක් යනවා.මාධ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් වෙනම නිවාස
වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
සැමට සෙවන ආදර්ශ ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කළා.දෙසැම්බර් 31ට පෙර ආදර්ශ ගම්මාන 38ක් ස්ථාපිත කිරීමට
හැකි වුණා.ඒ තුළින් පවුල් 940කට නිවාස ලබාදීම ආරම්භ කළා.විශාල ප්‍රගතියක් අප ලබා තිබෙනවා.අපි සැමට ආදර්ශ නිවාස
38 අවසන් කළා.
නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රථමවරට රජ්‍ය සේවකයන්ට නිවාස ණය ලබදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.වසර 2016 දී සෑම මැතිවරණ කොට්ටාශයකම නිවාස 1000 බැගින් නිවාස 160,000ක් නිවාස සඳහා එක් නිවසකට ලක්ෂ තුන බැගින් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරනවා.2016 වසර නිවාස ක්ෂේත්රයේ ස්වර්ණමය වසර වන බවද අමාත්‍යවරයා පැවසී ය.