නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තහනම් උත්තේජන පරික්ෂාවට ඉඩ නොදුන් සැමට පරීක්ෂණයක් -ක්‍රීඩා අමාත්‍ය

    දෙසැම්බර් 16, 2015

    කාය වර්ධන තරඟයේ තහනම් උත්තේජන භාවිතය සම්බන්ධව පරික්ෂාවට ඉඩ නොදුන් සියලු දෙනා පිළිබඳව පරික්ෂා කර ඔවුන්ගේ ක්‍රීඩා දිවිය තහනම් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා මතුකළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    තහනම් උත්තේජන භාවිත කරන ක්‍රීඩකයන් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා
    විමසූ ප්‍රශ්නයට අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ;

     

    කාය වර්ධන තරඟයක තෑගි ප්‍රදානය කිරීමේ අවස්ථාවක මේ සිදුවීම දැක ගැනීමට ලැබුණා. තහනම් උත්තේජක භාවිතය පිළිබඳව අපි
    නවත්වන්නට කටයුතු කරනවිට ඇතැම් ක්‍රීඩකයන් ගන්නා ක්‍රියාදාමය පිළිබඳව කණගාටු වෙනවා. එම ක්‍රීඩකයාගේ ක්‍රීඩාව
    තහනම් කර තිබෙනවා.

     

    මේ තහනම් උත්තේජන භාවිතය සම්බන්ධව පරික්ෂාවට ඉඩ නොදුන් සියලු දෙනා පිළිබඳව පරික්ෂා කර ඔවුන්ගේ ක්‍රීඩා දිවිය තහනම් කිරීමට කටයුතු කරනවා. ඉතා දැඩි තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya