ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්දයෙන් වූ ප්‍රශ්නයක් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් යොමු කර තිබුණි.එහිදී ඇති වූ අඳහස් දැක්වීමේ අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා- ක්‍රිකට් නිලවරණයට නැවත නාම යෝජනා කැඳවා තිබෙනවා.ඒ සාමාජිකයන්ටත්, මන්ත්‍රීවරු වන අපටත් අයිතියක් තිබෙනවා, ඒ කාලපරිජ්ජේදය තුළ සිදු වූ දෙය දැනගන්න.
කමිටුවේ වාර්තාව දැන් ඉදිරිපත් කර තිබෙනව.ඒ වාර්තාව පාර්ලිමේන්තුවට දෙන්න.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා- ඒක ප්‍රශ්නයක් නෑ. එය ඉදිරිපත් කරන්න සූදානම්.මෙය ලොකු පොතක් හරියට කියවලා
උත්තර දෙන්න ඕන.19 වෙනිදා ඉඩ දෙනවානම් මට ප්‍රශ්නයක් නෑ.අපේ අතට ආවේ දවස් කීපයකට කලින්.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමර දිසානායක මහතා- 19 වෙනිදා ගන්න තියෙන ක්‍රමවේදය කුමක්ද?
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා - දෙන්න පුළුවන් නම්, උත්තර දෙන්න සූදානම්.අවශ්‍ය නම් අමාත්‍යාංශ ප්‍රකාශයක් කරලා,ඊට පසු මෙය සභාගත කරන්නම්.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමර දිසානායක මහතා- එයට එකඟයි.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා - උත්තර නොදී ඉන්නේ නෑ, බය වෙන්න එපා.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා- මේ වාර්තාව සකස් කළේ මගේ කාලයේ.මම දන්නා තරමට මෙය නිල
වශයෙන් ජනතාවට ලබා දී නෑ.සමහර මාධ්‍ය හරහා මේක ආවා.එය එළෙසම කළ යුතු යැයි මම විශ්වාස කරනවා.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා- ඔබතුමා එය ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමු කළා කිව්වා?
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා - මේ වාර්තාවේ තිබෙන කාරණා සම්බන්ධව,එකපාර ජනතාවට දෙන එක නොවේ කරන්න
තියෙන්නේ.එයට ගන්න පියවර ගණනාවක් තිබෙනවා. අමාත්‍යාංශය ලෙස ප්‍රතිපත්ති තීන්දු ගණනාවක් තිබෙනවා.ක්‍රිකට් පාලක මණ්ඩලය
ලෙස ගන්න තොරතුරු ගණනාවක් තිබෙනවා.මම සූදානම් මෙයට උත්තරයක් දීලා,සභාගත කරන්නම්.හැමදාම කළේ, අටය හොරා මෙයා හොරා ,මංකොල්ලකාරයා කිය කියා හිටියා මිසක,එක්කෙනෙක්වත් හොයාගන්න බැරිවුණා.නිවැරැදි විදියට මම සූදානම් ඕනෑම කෙනෙකුට විරුද්ධව නිවැරැදිව චෝදනා ඔප්පුකරලා,හොරෙක් හෝ මංකොල්ල කාරයෙක් ලෙස හඳුනාගන්න පුළුවන් නම්,අනිවාර්යෙන්ම ඔහුට විරුද්ධව කටයුතු කරනවා. මට කවුරුත් රකින්න වුවමනාවක් නෑ.නැත්නම් එක එක ඒවා වහන්න හදනවා කියයි.කිසි දෙයක් වහන්න
අවශ්‍ය නෑ.පැහැදිළිව පසුගිය කාල වකවානුවේ විශාල දූෂණ සංඛ්‍යාවක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුව තිබෙනවා.ඒවා
සොයාගන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස ගන්නේ නැතිව එකපාර පාරට දාන්න නොවේ කරන්න තියෙන්නේ.අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා.හොරු රකින්නේ නෑ.