නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවතැන්වූවන්ට ප්‍රමුඛතාව ලබාදී නිවාස ලබාදීමට කටයුතු කරනවා

    දෙසැම්බර් 14, 2015

    නිවාස 65,000ඉදිකළ පසු අවතැන්වූවන්ට ප්‍රමුඛතාව ලබාදී නැවත පදිංචි වීමට නිවාස ලබාදීමට කටයුතු කරනවා යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (14) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා
    හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයට එක්වෙමිනි.


    උතුරු ප්‍රදේශයේ 157,000ක් සහ නැඟෙනහිර පලතේ 65000ක් යළි පදිංචි කිරීමට හැකි වුණා, පසුගිය ඔක්තෝබර් මාසය වනවිට.
    සුබසාධන කදවුරුවල සිටින අවතැන් වූවන් සඳහා සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මකයි.

     

    යාපනයේ වෙරළ සංරක්ෂන කටයුතු, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා කටයුතු කරනවා. ලබන වසරේ මුල් කාලයේ සිදු
    කරනවා.වෙනස් කර සළකන්නේ නෑ. ධීවර කටයුතු සංවර්ධනය කරනවා.නිවාස 65,000ඉදිකළ පසු අවතැන්වූවන්ට ප්‍රමුඛතාව ලබාදී නැවත පදිංචි වීමට නිවාස ලබාදීමට කටයුතු කරනවා.

    තමිල්නාඩුවෙන් 229ක් සරනාගත වූවන් පමිණ සිටිනවා. තවත් එන්න පිරිස් ඉන්න බව පැවසෙනවා. ඔවුන් සඳහා පහසුකම් සැළසීම
    අවශ්‍යයි. සුදුසු පුනරුත්ථාපන ක්‍රමයක් ඔස්සේ සහන සළස දීමට කටයුතු කරනවා. පුද්ගලික ඉඩම් අක්කර 8000ක් නැවත ජනතාවට
    ලබාගැනීමට තිබෙනවා.

    හින්දු ආගම ප්‍රවර්ධනය කිරීමට අමාත්‍යාංශය කටයුතු කරනවා. ඉන්දියානු රජය යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට
    කැමැත්ත පළ කොට ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya