නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවක මූලික වැටුපට රුපියල් 2000ක මුදලක් එක් කිරීමට කටයුතු කරනවා- අගමැති

    දෙසැම්බර් 14, 2015

    ලබන වසරේ සිට රාජ්‍ය සේවක මූලික වැටුපට රුපියල් 2000ක මුදලක් එක් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.


    අදියරෙන් අදියර මේ කටයුත්ත සිදු කිරීමට හැකි වෙතැයි අප බලාපොරොත්තු වෙනවා.දැනට අපට ඉදිරිව ඇත්තේ මේ
    දීමනාව මූලික වැටුපට එක් කිරීමට පමණයි. අපටත් අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මනින් මෙය ඉටු කරලීමයි.අපි උත්සහ
    කරන්නේ අදියර තුනකින් මේ කටයුත්ත සිදු කරන්නටයි.


    මෙතනදී අප රජයේ සේවක වැටුප් පිළිබඳවත් , වැටුප් විෂමතා පිළිබඳවත් ගැඹුරින් විමසා බැලිය යුතු බව අපේ හැඟිමයි.මේ
    නිසා ජාතික වැටුප් කොමිසමක් යළි ස්ථාපිත කිරීමට අප ක්‍රියාකරනවා.සියළු කණ්ඩායම් සමඟ සාකච්ඡා කර රජ්‍ය
    සේවයේ වැටුප් පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් සකස් කිරීමේ වගකීම ජාතික වැටුප් කොමිසමට අප ලබාදෙනවා. වාර්තාව
    සැකසීම සඳහා මාස 6ක කාලයක් ඔවුන්ට ලබාදීමට බලපොරොත්තු වෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya