අමාත්‍යවරයා අද (14) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී කෘෂිකර්ම අමාත්‍යාංශ
වැය ශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.
ජනතාව බලාපොරොත්තු වූ සහන මෙවර ලබාදීමට හැකි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට අගමතිතුමාට ස්තූතිවන්ත වෙනවා.ජනතාවට තවත් සහන ලබාදීමට අපි සූදානම්.රසායනික පොහොර ලබා දීම සම්බන්ධයෙන් රටේ මත දෙකක් තිබෙනවා.
ප්‍රධාන බෝග පහක් සඳහා පොහොර සහනාධාරය ලබදීමට ක්‍රමවේදයක් සකස් කරනවා. ගොවියාට අසාධාරණයක් නොවන
ලෙස අවශ්‍ය සහන සළසනවා.පාරවල් දියුණු වෙනවා වගේම, ගොවියත් දියුණු විය යුතුයි.පවතින මිලට පොහොර ගන්නට සිදු වුණොත්
ආහාර සහ එළවළු මිල වැඩි වෙනවා. එය අඩු කිරීමට හැකිතරම් සහන ලබාදීමේ ක්‍රමයක් සකස් කල යුතුයි.අද ශීතාගාර පහසුකම්
ලබාදීමට යෝජනා කර තිබෙනවා.
යෝජනා වගේම චෝදන තිබුණා, බීජ පිළිබඳව. බීජ නිෂ්පාදනය සියයට සියයක් ම අපේ අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව යටතේ සිදු කිරීමට සැලසුම් සකස් කරනවා. බීජ නිෂ්පාදනයට නව තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා. ජතික කෘෂි ප්‍රතිපත්තියක් සකස් කරනවා යැයි ද අමාත්‍යවරය ප්‍රකාශ කළේ ය.