මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර සහනාධාරයට මුදල් ලබාදෙන්නේ විද්‍යාත්මක පදනමක් මතයි-පූජ්‍ය අතුරලියේ රතන හිමි

    දෙසැම්බර් 14, 2015

    ලෝකයම පරිසර හිතකමී ගොවිතැනට ගමන් කරමින් සිටිනවා. පොහොර සහනාධාරයට මුදල් ලබාදෙන්නේ විද්‍යාත්මක පදනමක් මතයි.කෘත්‍රීම පොහොර විශාල ලෙස යෙදවීම නිසා පසේ සජීවිකරණය විනාශ වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

     

    පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මේ බව අද (14) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේ යටතේ
    කෘෂිකර්ම වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    පොහොර සහනාධාරය ලබාදීම නිසා මුදල් විශාල ප්‍රමාණයක් විදේශ රටවලට ගියා. පොහොරවල රසායනික සංඝටක රාශියක් තිබෙනවා.කෘත්‍රීම පොහොර විශාල ලෙස යෙදවීම නිසා පසේ සජීවිකරණය විනාශ වෙනවා.

     

    ලෝකයම පරිසර හිතකමී ගොවිතැනට ගමන් කරමින් සිටිනවා.කෘත්‍රීම පොහොර වලින් ඈත්වෙමින් සිටිනවා.පොහොර
    යෙදීම වෙනුවට මුදලක් ලබදෙන්නේ ඒ නිසයි. මුදලේ කිසිම අඩුවක් වෙන්නේ නෑ. ලබන කන්නය වනවිට පොහොර ලබාදෙනවිට විකල්ප උපක්‍රම වෙත යොමු විය හැකියි. පොහොර සහනාධාරයට මුදල් ලබාදෙන්නේ විද්‍යාත්මක පදනමක් මතයි.

     

    නයිට්ට්‍රිජන් පොහොර කොළ වර්ගවලින් හදාගන්න පුළුවන්. මේ නිසා විදේශ රටවලට යන විශාල මුදලක් නවත්වන්න පුළුවන්. මෙය අපේ රට විදේශ බහුජාතික සමාගම්වලින් මුදවා ගැනීමට කරන අරගලයක කොටසක් බවද පූජ්‍ය අතුරලියේ රත්න හිමියෝ පැවසූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya