මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුන් අවුරුදු ආහාර සැළැස්ම ක්‍රියාත්මක කිරීමෙන් ආනයන ආහාර බෝග අඩුකරගැනීමට හැකියි

    දෙසැම්බර් 14, 2015

    රටට අවශ්‍ය විශේෂ ආහාර බෝග රටතුළ නිෂ්පාදනය කිරීම, වැඩි කිරීමට අවශ්‍ය බවත් තුන් අවුරුදු ආහාර සැළැස්ම ක්‍රියාත්මක කිරීම තුළින් ආනයනය කරන ආහාර  බෝග අඩුකරගැනීමට හැකි වන බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ප්‍රකාශ කරයි.

    කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2016 කාරක සභා අවස්ථාවේ විවාදයේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ
    වන වැය ශීර්ෂයේ අඳහස් දක්වමිනි.

     

    කෘෂි කර්මාන්තයට ජාතික සැළැස්මක් අවශ්‍යයි. ජාතික ප්‍රතිපත්තියක් තිබුණා නම්, පත්වන රජය ක්‍රියාත්මක කරන්නෙත් ඒ
    ප්‍රතිපත්තියයි.අද ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසා, අපිට විශාල ආහාර ප්‍රමාණයක් ආනයනය කරන්න සිදු වී තිබෙනවා.

     

    අද ආහාර සුරක්ෂිතතාවය ගැන ගෝලීය මට්ටමින් පෙන්වා දී තිබෙනවා.අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත,
    අග්‍රාමාත්‍යතුමාගේ මඟපෙන්වීමෙන් ආහාර සුරක්ෂිතතාව පිළිබඳව අවධනයට යොමු කර ''ජාතික ආහාර වැඩසටහන', තුන් අවුරුදු
    සැළැස්මක්'' එළි දක්වා තිබෙනවා.

     

    වසර 2014 දී මෙක්ට්‍රික් ටොන් මිලියන 760ක් ආහාර බෝග ගෙන්වා තිබෙනවා. ඒ සඳහා වියදම රුපියල් මිලියන 151,543ක්.2015
    වසරේ දී මෙක්ට්‍රික් ටොන් මිලියන 659.6ක්.ඇයි අපේ බෝග අපේ රටේම නිෂ්පාදනය කරන්න බැරි.ආනයනය කරන බෝග අඩු කිරීමෙන් විශාල අයවැය පරතරයක් අඩුකරගත හැකියි.

     

    අපට අවශ්‍ය,රටට අවශ්‍ය විශේෂ ආහාර බෝග නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බවත් ගොවියාට සහන සැළසීම අවශ්‍ය බවත් අමාත්‍යවරයා
    පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya