මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිය අනතුරු අවම කිරීම කෙරෙහි වැඩි අවධානයක්

    දෙසැම්බර් 14, 2015

    රිය අනතුරු අවම කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට තිබෙන බවත් කොළඹ පවතින රථවාහන තදබදය හේතුවෙන් සිදුවන අනතුරු විශාල ප්‍රශ්නයක් වී තිබෙන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (14) පොආර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික
    පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    2014 -06-30 දින සිට 2015-06-30 දක්වා කාලය තුළ සිදු වූ රිය අනතුරු සංඛ්‍යාව තිස් දහස් හතළිහක්. රිය අනතුරු නිසා සිදු වූ
    මරණ සංඛ්‍යාව 2676ක් බව බව සඳහන් කළ අමත්‍යවරයා, අපරික්ෂකාරී ලෙස රිය ධාවනය කිරීමෙන් සිදුවන සිදුවන රිය
    අනතුරු බහුලව සිදුව ඇති බව පැවසී ය.

     


    සී.සී.ටී.වී. පද්ධතියක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීම පිළිබඳව, මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේ ය.

     මේ සඳහා මිලියන 1000ක් මෙවර අයවැයෙන් ද වෙන් කර තිබෙන බවත් තොරතුරු
    තාක්ෂණය භාවිතා කරමින් 119 මඟින් පොලීසියට සංවිධානාත්මකව ක්‍රියාත්මක වීමට හැකි ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු කොට තිබෙන බව ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ  ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya