මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විගමනික ශ්‍රමිකයින්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

    දෙසැම්බර් 11, 2015

    ජනවාරි මස සිට විගමනික ශ්‍රමිකයින්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසීය.

     


    අමාත්‍යවරිය අද (11) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

    කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි දිනය වන අද දින විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය යන
    අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනේ.

     

    ප්‍රථමයෙන් මුදල් ඇමැතිතුමාට ස්තූතිවන්ත වෙනවා, විදෙස් ශ්‍රමිකයන්ට අවම වැටුපක් තීරණය කරන්නත් සුබසාධනය කරන්න වැඩි කරන්නත් යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව.

     

    රටේ විගමනික ශ්‍රමිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ක්‍රියාත්මක කරන්නත් පවුල්වල සුබසාධනය ක්‍රියාත්මක කරන්නත්
    කටයුතු කරනවා කියා සඳහන් කළා. ඒ අනුව ලබන වසරේ ජනවාරි මස සිට විගමනික ශ්‍රමිකයින්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන්
    විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

    ඒ අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට ලබන වසරේ උපරිම උත්සහයක් දරනවා. පුහුණුව වෙනස් කර පුහුණු ශ්‍රමිකයන් ලෙස විදෙස් ගතවන අයගේ තත්ත්වය වෙනස් කර අවම වැටුප තුළ ක්‍රියාත්මක කිරීමට උපරිම උත්සහ ගන්නවා යැයි ද අමාත්‍යවරිය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya