මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරීක්ෂණයක් කර විනය ක්‍රියාමාර්ග ගන්න- අමාත්‍ය මංගල සමරවීර

    දෙසැම්බර් 11, 2015

    පාර්ලිමේන්තුවේ අද (11) ඇති වූ සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර එම අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ලබදිය යුතු යැයි ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

    කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි දිනය වන අද දින විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය යන
    අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනේ.


     1989 සිට මම පාර්ලිමේන්තුවට ආවා. කවදාවත් පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මන්ත්‍රීවරයෙක් කතා කරමින් සිටින විට කතාව නවත්වන්නට, කතාවේ කරුණු මර්දනය කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මැරබලය පාවිච්චි කළ ප්‍රථම අවස්ථාව මෙයයි.ඔබතුමා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා,මේ පාර්ලිමේන්තුව තුළ හොල්මන් කරන ඒ කල්ලිය සිටිනව නම් ඒ අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ලබදිය යුතුයි කියා ඉල්ලා සිටිනවා.


    පසුගිය වසර ඇතුළත දී විදේශ කටයුතු අමාත්‍යාංශය කරන ලද කර්යභාරය සම්බන්ධව මේ සභාවේ අඳහස් පළ කළ සියලු
    දෙනටම ස්තූතිය පළ කරනවා.මාගේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු සියලු නිලධාරීන්ට මම ස්තූතිවන්ත වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya