මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ කටයුතු යළි ආරම්භ වෙයි

    දෙසැම්බර් 11, 2015

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත් හිටවූ පාර්ලිමේන්තු සභාවේ කටයුතු මීට සුළු මොහොතකට පෙර යළි ආරම්භ විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රිවරු සිය විරෝධය
    පළ කළ අතර ඉන් පසුව සභාවේ නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

    ඒ හේතුවෙන් සභාවේ කටයුතු දෙවරක් නවතා දැමීමට මූලාසනයට සිදු විය.

    සභාවේ කටයුතු යළි ආරම්භ වූ අතර එහිදී කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, හැන්සාර්ඩ් සහ වීඩියෝ පට
    පරික්ෂා කළ බවත්,සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු මන්ත්‍රීවරයකුගේ නමක් සඳහන් කර නොතිබූ බවත් සභාවේ ගෞරවය
    ආරක්ෂා වන ලෙස කටයුතු කරන ලෙසත් දන්වා සිටියේ ය.

    ඉන් අනතුරුව කරක සභා අවස්ථවේ විවදය ආරම්භ වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අඳහස්
    දැක්වීම ආරම්භ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya