මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපි උපරිම මානව හිමිකම් රකින රාජ්‍යයක් ලෙස ඉදිරියට යා යුතුයි

    දෙසැම්බර් 11, 2015

    විදේශ රටවල් කිව්වත් නැතත් අපි උපරිම මානව හිමිකම් රකින රාජ්‍යයක් ලෙස ඉදිරියට යා යුතුයි.මේ කටයුත්තේ දී ජනවර්ග අතර සංහිදියාව ඉතාම වැදගත් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

    කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි දිනය වන අද දින විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනේ.

    ජනවාරි අටවැනිදා ලබූ නිදහස මේ රටේ වැඩියෙන් ම බුක්ති විදින්නේ විදේශ කටයුතු අමත්‍යාංශයි. මෙහි කතා වුණා ඊණියා අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය ගැන,මේ අය කුමන ආකාරයට පත් වුණත් ඒ අය කළේ මේ රට කාබාසිනියා කළ එකයි.


    පහළ මට්ටමකට විදේශ සේවය ඇදලා දැම්මා.ඒ විනාශ කාරී කටයුත්ත පමණක් නොවේ,පසුගිය කාලයේ විශාල අරගලයක යෙදුණා.රජය ගෙන ගිය මෝඩ සහ උද්දච්ච විදේශ ප්‍රතිපත්තිය නිසා රටවල් අප සමඟ තරහ වුණා,මිත්‍රයෝ නැති වුණා, රටේ ප්‍රතිරූපය නැතිව ගියා.

     

    මේ අභියෝගයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ගොඩගන්න විශාල කාර්යභාරයක් තිබෙනවා. අද එය සාර්ථකව ඉටු කරනවා කියලා සතුටින් කියන්න කැමතියි. කෙටි කාලයක් ඇතුළත විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වෙනසට ලක්කිරීම සම්බන්ධයෙන් ඒ ගැන අමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙනවා.


    මේ රට සංහිදියා මඟකට යොමු කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් කවුන්සිලය පැමිණි නියෝග ක්‍රියාත්මක කිරීමත් සමඟ අපේ දේශීය යාන්ත්‍රණය පිහිටවලා,සංහිදියා ක්‍රියාවලිය ඉදිරියට යනවත් සමඟ මුළු ලෝකයම අප දෙස බලාගෙන ඉන්නවා. ශ්‍රී ලංකාව මානව හිමිකම් රකින රාජ්‍යයක් ලෙස ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණය දෙස බලනවා.


    මානව හිමිකම් රකින්න ඕන විදේස රටවල් කියන නිසා නොවෙයි. විදේශ රටවල් කිව්වත් නැතත් අපි උපරිම මානව හිමිකම් රකින රාජ්‍යයක් ලෙස ඉදිරියට යා යුතුයි. මේ කටයුත්තේ දී ජනවර්ග අතර සංහිදියාව ඉතාම වැදගත්.එහි වාසිය ලැබෙන්නේ අපේ රටටයි.

     

    මේ නිසා අපේ රටට වෘත්තීය අවස්ථා, ආර්ථික අවස්ථා අපට විවෘත වෙනවා.ජාතිවාදයෙන් අගතියට යන්නේ නැතිව බලන්න ඕන. ජාතික ආරක්ෂාව අනතුරේ කියලා කෑ ගහන්නේ,ජාතිවාදීන්. ජාතිවාදීන් විශාල අනතුරකට පත්ව තිබෙනවා, තමන්ගේ දේශපාලන පැවැත්ම සම්බන්ධයෙන්. බටහිර යුරෝපයේ,උතුරු ඇමෙරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ වැනි රටවල විශේෂ වැඩකටයුත්තක් කරන්න තියෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග අතර ගොඩනැගුණු සාමඟිය,සංහිදියාව පිළිබඳව තවම දැනීමක්,අත්දැකීමක් මේ රටවල ජනතාව අතර නෑ.ඒ නිසා අපේ රටේ තනපති කාර්යාලවලට විශේෂ කාර්යභාරයක් කරන්න තිබෙනවා, වෙනස පිළිබඳව දැනුවත් කිරීමට යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya