මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව උණුසුම් වෙයි- සභාවේ කටයුතු නවතියි

    දෙසැම්බර් 11, 2015

    පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙන ලෙස කටයුතු කරන ලෙසත් මහජන මුදල් නාස්ති නොකරන ලෙසත් කතානායක කරූ ජයසූරිය මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     

    පාර්ලිමේන්තු සභාගර්භයේ මන්ත්‍රීවරු පිරිසක් අතර ඇති වූ උණුසුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් කතානායකවරයා මේ බව පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අතර උණුසුම් කාරී තත්ත්වයක් මතු විය.ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවන ලදී.

    යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අතර එහිදී කතානායකවරයා මුලසුනට පමිණ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා තීරණයක් ලබදෙනබවට ප්‍රකාශ කළේ ය.

    එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මන්ත්‍රීවරයගේ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙසකතානායකවරයාට දනවා සිටි අතර, නැවත පාර්ලිමේන්තුවේ සභාව උණුසුම් තත්ත්වයක් බවට පත් වූ අතර විරෝධතා දැක්වූ මන්ත්‍රීවරු සභා ගර්භය මධ්‍යයට පැමිණ විරෝධය පළ කළේ ය.

    මෙහිදී කතානායකවරයා සඳහන් කළේ, සභාවේ කටයුතු සිදුකර යෑමට අවශ්‍ය බවත් මහජන මුදල් නාස්ති කළ නොහැකි
    බවත් වීඩියෝ පට නරඹා ඇති වූ සිද්ධිය පිළිබඳව තීරණයක් ලබාදෙන බවත් පැවසී ය.


    මෙහිදී අඳහස් දැකවූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන්ට මන්ත්‍රීවරු තිදෙනෙකු පහදීමට උත්සහ
    කළ බවයි.ඇති වූ තත්ත්වය හේතුවෙන් දෙවරක් සභවේ කටයුතු අත්හිටුවීමට සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya