මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රේමකීර්ති ද අල්විස් නිල වෙබ් අඩවිය විවෘත කෙරේ

    දෙසැම්බර් 11, 2015

    ප්‍රවීණ ගී පද රචකයකු මෙන්ම නිවේදකයකු ද වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සිහිපත් කරමින් ප්‍රේමකීර්ති ද අල්විස් නිල වෙබ් අඩවිය විවෘත කිරීම සහ , හද ගී පොතේ පද රස වින්දන , වර්ණ ප්‍රසංගය ඊයේ (10) පස්වරුවේ මහරගම යොවුන් රගහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    එය www.premakeerthidealwis.org වෙබ් අඩවිය වේ.

     

    ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් හද ගී පොතේ පද රස වින්දන, වර්ණ ප්‍රසංගය පැවැත්විණි.

     

    ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පුතණුවන් විසින් සමරු තිළිණයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

     

    අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක්ද, ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිද ඇතුළු පවුලේ ඥාතීන්ද මෙම අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya