මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිවෙකු බියක් ඇති කරගත යුතු නෑ

    දෙසැම්බර් 11, 2015

    සෛවරී රාජ්‍යයක් ලෙස අපේ ගෞරවය ආරක්ෂා වී තිබෙන බවත් අපගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිවෙකු බියක් ඇති කරගත යුතු නැති බවත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

    කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි දිනය වන අද දින විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනේ.

     

    විදේශ කටයුතු අමාත්‍යවරයා ඉතා කෙටි කාලයක් තුළ කළ සේවයට ස්තූතිවන්ත වෙනවා.අපේ රටේ විදේශ සේවය, රාජ්‍ය තාන්ත්‍රික සේවය ඛාදනයකට ලක් වී තිබුණා .අපිට විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික සේවයක් තිබුණා.නමුත් ක්‍රමයෙන් මෙම සේවය ඛාදනයට ලක් වුණා.මෙයට ප්‍රධාන හේතුව වුණේ,රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට දේශපාලන බලපෑම ඇතිවීමයි.පාලකයින් දුරදක්නා ඥානයෙන් කටයුතු නොකිරීම හේතුවක් වුණා.

     

    කලින් ආණ්ඩු සමයේ දී මම අනතුරු ඇගෙව්වා. විදේශ අමාත්‍යාංශ ලේකම් තනතුරට මේ රටේ,පුරවැසියෙක් නොවන පුද්ගලයෙක් පත් කර තිබුණා.මහකොමසාරිස් තනතුරු, තානාපති තනතුරු සඳහා මෙවන් පුද්ගලයින් පත් කර තිබුණා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අපේ විදේශ ප්‍රතිපත්තිය දුර්වල වුණා.

     

    රටේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව බරපතල තත්ත්වයක් පැන නැගී තිබුණා. විවිධ හේතූන් මත මානව හිමිකම් උල්ලංඝනය වී තිබුණා.සිවිල් යුද්ධයක් තිබෙන විට මානව හිමිකම් ඉල්ලංඝනය වීම වැළැක්විය නොහැකි බව පිළිගන්නවා. ජාත්‍යන්තරය පමනක් නොව අපි සියලු දෙනා සැළකිල්ලෙන් බලාගෙන හිටියා,සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව හෝ මේ මානව හිමිකම් තත්ත්වයේ වැඩි දියුණු වීමක් වෙයි කියා.අපට අවශ්‍ය නෑ ජාත්‍යන්තර ඇවිත් සොයා බලනවට. ජාත්‍යනතර සංවිධාන බොහොම සැළකිල්ලෙන්, සුපරික්ෂාකාරීව කාලයක් තිස්සේ මේ තත්ත්වය බලගෙන හිටියා.

     

    අද අපිට සතුටුයි, ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ මහත් වැයමකින් ගත් ප්‍රතිඵලයට. අපේ රටේ කීර්ති නාමය යළි ඔප්නන්වන්නට සමත් වී සිටිනවා. ශ්‍රී ලංකාව පිළිබඳව වෙනත් කෝණයකින් බලන්න අවධානය යොමු වී තිබෙනවා. මාස හයක් හතක් ඇතුළත නීතියේ ආධිපත්‍ය,අධිකරණයේ ස්වාධීනත්වය ඇති කිරීමට හැකියාව ලැබී තිබෙනවා.සුදු වෑන්වලින් පැහැරගෙන යෑම් සිදුවන්නේ නෑ.මාධ්‍යවේදීන් පැහැරගෙන යන්නේ නෑ.ශ්‍රී ලංකාවට පිළිගැනීමක් තිබෙනව සෛවරී රාජ්‍යයක් වශයෙන්.

     

    අතිගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ මැදිහත් වීම තුළ සැමදේම යළි ප්‍රතිෂ්ථාපනය කරන්න හැකි වී තිබෙනවා.සෛවරී රාජ්‍යයක් ලෙස අපේ ගෞරවය ආරක්ෂා වී තිබෙනවා.අපගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිවෙකු බියක් ඇති කරගත යුතු නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya