මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ප්‍රජාව තුළ සක්‍රීය සාමාජිකයෙකු බවට පත් විය යුතුයි

    දෙසැම්බර් 11, 2015

    අපේ රටට ලැබී තිබෙන පිළිගැනීම විශාල වාසියක් බවත් අප ජාත්‍යන්තර ප්‍රජාව තුළ සක්‍රීය සාමාජිකයෙකු බවට පත් විය යුතු බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

     

    කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි දිනය වන අද දින විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනේ.

     

    මේ වනවිට අපේ රටට ලැබී තිබෙන පිළිගැනීම විශාල වාසියක්.ජාත්‍යන්තර ප්‍රජාව තුළ සක්‍රීය සාමාජිකයෙකු බවට පත් විය යුතුයි. අපි නැවත නිසි මග ගමන් කරනවා. ජනාධිපතිතුමාට ජාත්‍යන්තර පිළිගැනීම නිසයි මෙය සිදුවන්නේ. ජාත්‍යන්තරය බලන්නේ රටේ ජනාධිපතිවරයා දෙසයි. අපේ ජනාධිපතිවරයා සිදු කර තිබෙන දේවල් අගය කළ යුතුයි.

     

    ජනවාරි අටට පෙර ජාත්‍යන්තර සහාය ලබුණේ ඉතාම ස්වල්පයයි.2009 අපි ලොකු ජයග්‍රහනයක් ලැබුවා.විශාල අවස්ථාවක් ලැබුණා,සංහිදියාවට යන ගමන ශක්තිමත් කර ස්ථාවර සාමයක් ඇති කරන්නට.

     

    සාමය ජයගැනීමේ අභියෝගය ජයගනීමට සිද්ධ වුණා.අපිට එදා ජාත්‍යන්තරයේ ඡන්ද ලබුණේ 12ක් පමණයි.2014 වනවිට ඡන්දය ලැබුණත් එතෙක් සහාය දුන් පිලිපීනය, ඉන්දුනීසියාව සහාය දුන්නේ නෑ.

     

    අද ඊට වඩා වෙනස් තත්ත්වයකට පත් වී තිබෙනවා. අපට දෙවැනි අවස්ථාව ලබී තිබෙනවා ඇති කළ යුතු දේ කරන්න ,ඉදිරිපත්වන රටක් ලෙස පෙන්වන්න.ජාත්‍යන්තරයට කොලේ වහලා කරන්න බෑ.

     

    පොදු සංහිදියාවක් ඇති කරන්නට සියලු මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් වෙනවා. අපි එදා තනි වී සිටියේ. මෙවැනි පියවරක් ගතයුතු බව කලින් ම කිව්වා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya