මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ව්‍යවස්ථාව අනුව කිසි ලෙසක විදේශිකයකුට මේ රටේ නඩු අහන්න බෑ- නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා

    දෙසැම්බර් 11, 2015

    අපේ රටේ ව්‍යවස්ථාව අනුව කිසිම ලෙසක විදේශිකයකුට මේ රටේ නඩු අහන්න නොහැකි බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව
    පැවසී ය.

     

    කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි දිනය වන අද දින විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනේ.

     

    මේ ලබා තිබෙන ජයග්‍රහනය පිළිබඳව සතුටු වෙනවා.ඇමේරිකානු ජී.එස්.පී.ප්ලස් සහනය ලබාගෙන තිබෙනවා.අපිට යුරෝපා
    ජී.එස්.පී.ප්ලස් සහනය ලැබෙනවා.මේවාට යම් කාලයක් ගත වෙනවා.

     

    අපේ රට ජනවාරි අටවෙනිදා වෙනකොට ජාත්‍යන්තර ඉදිරියේ මුහුණ දි තිබූ බරපතල තත්ත්වය පිළිබඳව කවුරුත් දන්නවා.
    පසුගිය දේශපාලන නායකත්වය, සටනට සම්බන්ධ වූ නායකයින් සියලු දෙනා ජාත්‍යන්තර අධිකරණමය ක්‍රියාදාමයකට
    ගෙනයෑම සියයට සියයක් නිශ්චිත තත්ත්වයකට පත්වී තියෙද්දි, අප ඒ තත්ත්වයෙන් රට මුදා ගෙන තිබෙනවා.


    ජාත්‍යන්තර විනිශ්චය සභාවක් හෝ ජාත්‍යන්තර පරීක්ෂණයකට ලක්කර එක එක පුද්ගලයට අදාළව දඬුවම් පැමිණවීම හෝ
    සම්බාධක පැමිණවීම, රටක් වශයෙන් සම්බාධක පැමිණවීම,යන තත්ත්වයෙන් අප මේ රට මුදාගෙන තිබෙනවා.

     

    එය නැහැ කියනවානම් එය අසත්‍යයක්.අපි ජිනීවා වලදී නිසැක ජයක් ලැබුවා.වගවීම පිළිබඳ කාරනා ඉෂ්ට කරන බවට
    පිළිගෙන තිබෙනවා.ඒ නිසයි දෙවතාවක් ජිනීවා වල අපට එරෙහි යෝජනා ජිනීවා වල සම්මත වුණේ.

     

    අපි උපක්‍රමිකව, රාජ්‍ය තාන්ත්‍රිකව ක්‍රියාකරලා,මෙය රට ඇතුළේ ප්‍රශ්නයක් බවට පත් කරගන්න කටයුතු කිරීම නිසයි,අපට
    ජයග්‍රහනය ලබන්න හැකි වුණෙ.

     

    වගවීම පිළිබඳව යම් ක්‍රියාවලියක් කරනවා නම්, ඒ කරන්නේ අපේ රටේ ව්‍යවස්ථාව අනුවයි.අපේ රටේ නීතිය අනුව කිසිම
    ලෙසක කිසිම විදේශිකයකුට මේ රටේ නඩු අහන්න බෑ.අපේ රටේ ව්‍යවස්ථාව අනුව කිසිම ලෙසක විදේශිකයකුට මේ රටේ
    නඩු අහන්න බෑ.

     

    එසේ කරනවා නම් මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. එහෙත් වෙනත් රටවල නීතිඥයන්,ආයතනවල සහාය අපි
    ලබාගන්නවා.ඊට වඩා වැඩි යමක් නෑ.අපේ ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතියට කළ යුතුව තිබෙනවා.අපේ පරීක්ෂණ ක්‍රියාදාමය
    ජාත්‍යන්තර ප්‍රමිතියට කරන්න ඕන.අපේ රටේ පුරවැසියන්ගේ ආත්ම ගරුත්වය,නැතිකරගත යුතු නෑ. අපේ ආරක්ෂක
    අංශවලට අල්ප මාත්‍ර අගතියක් වෙන්න ඉඩ තියන්නේ නෑ.

     

    ලෝකය ඉදිරියේ අපට අභියෝගයක් තිබෙනවා.අපි එම අභියෝගය,විශ්වාසය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය හරහා අපි
    ජයග්‍රහනය කර තිබෙනවා.කවදාවත් රැවටීමට ලක් කරන්නේ නෑ.අලුතින් නීති හදනවා නම් හදන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම
    ව්‍යවස්ථවට අනුකූලවම පමණයි''යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya