මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට දූත කණ්ඩායම් බලගැන්වීමට කටයුතු කරනවා

    දෙසැම්බර් 11, 2015

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට දූත කණ්ඩායම් බලගැන්වීමට කටයුතු කරන බවත් අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා ලෝකයේ ගෞරවයට ශ්‍රී ලංකාව පාත්‍ර වී තිබෙන බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

    කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි දිනය වන අද දින විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය යනඅමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනේ.


    කිසිම එකඟ වීමක් නෑ කිසිවෙකු එක්ක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමතියෙන් තොරව කටයුතු කරන්න. වගවීම පිළිබඳ ක්‍රියාවලිය පිළිබඳව අමාත්‍යවරයා ප්‍රකාශයක් කරාවි. විදේශ අමාත්‍යාංශය හුදකලා කරලා, වෙනත් අය ජාත්‍යන්තර සබඳතා පවත්වනව ද කියලා අහනවා. ඒවා වෙන්නේ නෑ. මිලියන අටදහස් අනූ හත වියදම් කරන්නේ,තනපති කාර්යාල ඇතුළු දූත මණ්ඩල සඳහා, ලංකාවේ ප්‍රතිරූපය ගොඩනගන්නයි. ශ්‍රී ලංකාව ගෞරවයෙන් අනෙක් රටවල් සමඟ කරට කර ඉන්න පුළුවන් ලෙස ගෞරවණීය රටක් බවට පත් කර ගන්නයි.

    මේ ලෝකයේ කිසිම කෙනෙකු සමඟ සතුරු නොවී, ලෝකයේ සියලු රටවල් සමඟ මිත්‍රත්වයක් ගොඩනන්වා ගැනීම, අපේ විදේශ ප්‍රතිපත්තිය. එලෙසයි අපේ රට ඉදිරියට රැගෙන යන්නේ.

    ඩොලර් මිලියන ගණනක් විදේශ අමාත්‍යාංශයට අමතරව මුදල් වියදම් කර තිබුණා. කොපමණ මුදල් වියදම් කළත් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට කුමක්ද වුණේ. එම ප්‍රතිරූපය බිඳවැටුණ.ශ්‍රී ලංකාව කොන් වුණා. හුදකලා වුණා. අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාව ලෝකයේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.මේ වියදම් කරන මුදල හොඳටම ඇති. ඉන් හැකියි අපේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනගන්න.

     

    එදා පැවැති තත්ත්වයයි අද තත්ත්වයයි කොපමණ වෙනසක් සිදු වී තිබෙනවද? අපගේ දූත කණ්ඩායම් බලගන්වනවා, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට. ජී.එස්.පී. ප්ලස් නැවත ලබාගැනීම සඳහා ඉතාම කිට්ටුවෙන් වැඩකරනවා. හුදකලාව වැඩකරන්නේ නෑ. ජී.එස්.පී.ප්ලස් ලබාගන්න අදත් අපේ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් බ්‍රසල්ස් නුවර සාකච්ඡා පවත්වනවා. අපි බලාපොරොත්තු වෙනවා,2016 වසරේ ජී.එස්.පී.ප්ලස් සහනය ලබාගෙන ජනතාවට ඒ සහනය ලබාදෙන්න හැකි වෙයි කියලා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya