මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා

    දෙසැම්බර් 11, 2015

    සිංහල අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමර දිසානායක මහතා විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම අඳහස් පළ කළේ ය.

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍යවරයගෙන් කරුණු විමසීය.මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විමසා සිටියේ මාර්තු 31ට පෙර පළාත් පාලන මතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නේද යන්නයි.

     

    ඡන්ද ක්‍රමය පිළිබඳව තීරයක් ගන්න සාකච්ඡා කරනවා. අපි පාර්ලිමේන්තුවේ දී තීරණයක් ගනිමු.පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට 25%ක් කාන්තාවන්. මේ ක්‍රමය යටතේ වුවමනා නම් සියයට සියයක් කාන්තා නියෝජනය වෙන්න පුළුවන්. එහෙත් සියයට 75%යි පිරිමි උපරිම නියෝජනය.

    ඡන්ද ක්‍රමය ගැන සාකච්ඡා කෙරෙනවා.ජාතික ලැයිස්තු ක්‍රමයත් තිබෙනවා.මේ පිළිබඳව සාකච්ඡා කරමු. මැතිවරණය සිංහල
    අවුරුද්දට කලින් පැවැත්වීමට වුවමනයි ''යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya