මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරායවල අනවශ්‍ය වියදම් නවතා තිබෙනවා- අමාත්‍ය අර්ජුන රණතුංග

    දෙසැම්බර් 11, 2015

    සියලු වරායවලට මුදල් ලබාදෙන්නේ කොළඹ වරායේ ආදායමෙන්. අද වනවිට සමහර වරායවල අනවශ්‍ය වියදම් නවත්වා තිබෙනවා යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික
    ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය. මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ඔලුවිල් වරායේ පාඩුව පිළිබඳව
    අමාත්‍යවරයාගේ අවධානය යොමු කළේ ය.

     

    පසුගිය කාලයේ වරායවල් රැකියා පුරවන තැනක් බවට පත් වී තිබුණා. ඒ නිසා අතිකාල වියදම් සහ දරාගැනීමට සිදු වුණා. දැනටමත් ඔලුවිල් වරායට ව්‍යාපෘති කීපයක් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ ව්‍යාපෘති ලබාගැනීමට හැකිවුවහොත් ගැටළුවක් නෑ. මේ සියලු වරායවල්වලට මුදල් ලබාදෙන්නේ කොළඹ වරායේ ආදායමෙන්.

     

    අද වනවිට සමහර වරායවල අනවශ්‍ය වියදම් අඩුකරලා, නවත්වලා තිබෙනවා.වැඩනොකර වැටුප් ගන්නා අය ඉවත් කර තිබෙනවා.ආයෝජන දෙකක් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා.මාර්තු වනවිට ව්‍යාපෘති කීපයක් තහවුරු කරගන්න හැකි වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya