මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයන් වෙනුවෙන් විශේෂ අරමුදලක්

    දෙසැම්බර් 08, 2015

    ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයන් වෙනුවෙන් විශේෂ අරමුදලක් පිහිටුවීමට බලපොරොත්තු වන බව සමාජ සවිබල ගැන්වීමේ හා සමෘද්ධි අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස්
    දක්වමිනි.

     

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, සමජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ අද විවාදයට ගැනේ.

     

    පසුගිය කාලයේ සිදු කළ සමීක්ෂණ පිළිබඳව ගැටළු තිබෙන බව කියවුණා, ඒ අනුව සමීක්ෂණය නිවැරදිව සිදු කර සුදුසු අයට සහනාධාර ලබදීමට කටයුතු කරනවා.

     

    වැඩිහිටි දීමනාව ඉල්ලා පොරොත්තු ලේඛනයක් තිබෙනවා. ඉදිරි කාලයේ දී වැඩිහිටි දීමනාව ලබාදීමට හැකි වෙනවා. සමෘද්ධි අධිකරිය දිවිනැගුම දෙපාර්තමේන්තුව වීමෙන් පසු එහි නිලධරීන් නීත්‍යාණුකූල රජ්‍ය නිලධාරීන් ලෙස අදාළ ශ්‍රේණි ගත කිරීමෙන් අනතුරුව නීත්‍යාණුකූල පත්වීම් ඉදිරියේ ලබදීමට කටයුතු කරනවා. පත්වීම් සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ.


    සමෘද්ධි කළමනකාරවරු, දිවිනැගුම කළමනාකරවරු,සංවර්ධන නිලධරීන්ගේ පුරප්පාඩු සඳහා තරඟ විභාගයක් මඟින් බදවා ගැනීමට කටයුතු කරනවා.ආබාධිත අය පිළිබඳව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන්න බලපොරොත්තු වෙනවා.ජාතික ප්‍රතිපත්තියක්හදලා,පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.ආබාධිත අය පිළිබඳ විශේෂ අරමුදලක් පිහිටුවන්නට කටයුතු
    කරනවා. සහනාධාර බෙදීම නිලධරීන් බඳවා ගැනීම ඉතාම නිවැරදිව සිදු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya