මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරප්‍රසාද නොලත් ජනතාවට සහනාධාර ලබාදීමට කටයුතු කරනවා

    දෙසැම්බර් 08, 2015

    වරප්‍රසාද නොලත් ජනතාවට පාට පක්ෂ භේදයකින් තොරව සහනාධාර ලබාදීමට කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීමේ හා හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ප්‍රකාශ කරයි.


    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස්
    දක්වමිනි.

     

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, සමජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ අද විවාදයට ගැනේ.


    වරප්‍රසාද නොලත් ජනතාවට පාට පක්ෂ භේදයකින් තොරව සහන සහනාධාර ලබාදීමට අප කටයුතු කරනවා. දුප්පත්කමට සහිතකයක්
    ලබදුන් එකම රජය පසුගිය රජයයි .

    ඒ සඳහා රුපියල් මිලියන 11ක් වැය කර තිබෙනවා. සමීක්ෂණ කටයුතුවලට අයඳුම්පත් මුද්‍රණයේදී රුපියල් ලක්ෂ 82ක් වැය කරලා
    තිබෙනවා. මේ පිළිබඳ පැමිණිලි කිරීමට අල්ලස් කොමිසමට යාමට මා බලාපොරොත්තු වෙනවා.

     

    මේ වන විට සමෘද්ධි සහනාධාරය ව්‍යාජ ලෙස ලබාගන්නා සියයට 30ක් පමණ ඉන්නවා. ඒවා සොයා බලා පියවර ගැනීමට අප
    කටයුතුකරනවා යැයි ද නියෝජ්ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya