මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සමාජිකයන් දැනුවත් කෙරේ

    දෙසැම්බර් 08, 2015

    රාජ්‍ය ගිණුම් කාරක සභාව පිළිබඳව ගිණුම් කාරක සභාවේ සාමාජිකයන් දැනුවත් කිරීමේ සමරම්භක වැඩසටහන අද (08) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කතානයක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.

     


    මහජන මුදල් වියදම් කිරීමේ දී මුදල් නාස්ති වුනද කියා සොයාබැලීමට අයිතියක් තිබෙනවා- කතානායක


    karu jayaමෙම කාරක සභවේ කටයුතු සාර්ථක වන ලෙස සුබ පතනවා.රජයේ ඉදිරි විමර්ශන කමිටු විශාල වෙනසකට පත් වෙනවා.මෙම කරක සභා වලට විශාල ලෙස බලතල ලබදෙන්නට බලපොරොත්තු වෙනව.ඇතැම් ස්ථාවර නියෝග වෙනස් කරන්නට සිදු වේවි.


    මහජන මුදල් වියදම් කිරීමේ දී මුදල් නාස්ති වුනද කියා සොයාබැලීමට අයිතියක් තිබෙනවා.එයට පිළියම් ලෙස තොරතුරු දැනගැනීමේ පනත ගෙන එන්නේ.අධීක්ෂණ කමිටු පිහිටුවීමෙන් පසුව විශල බලතල පැවරෙනවා.මේ සඳහා සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරනවා යැයි මෙහිදී අඳහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

     

     

    රටේ මූල්‍ය කටයුතු පිළිබඳ විශාල කර්යභාරයක් සිදු කිරීමට තිබෙනවා-රාජ්‍ය ගිණුම් කරක සභාවේ සභපති

    lasantha alagiyaමෙහිදී රාජ්‍ය ගිණුම් කරක සභාවේ සභපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ, අටවැනි
    පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාවට සමජිකයන් 24 දෙනෙකු පත් කරනු ලැබුවා. ලබන ජනවරි 08 වැනිදා අදළ කාරක සභාව කැඳවා කටයුතු සොයාබැලීමට නියමිතයි.

     

    මුදල් බලය සම්බන්ධයෙන් පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. මෙම කරක සභා දෙක තුළ කාර්යභාරය ඉටුකරන්නට 2016 කාරක සභා සැළකිල්ලට ගනිමින් රටේ මූල්‍ය කටයුතු පිළිබඳ විශාල කර්යභාරයක් සිදු කිරීමට තිබෙනවා.

    එම අත්දැකීම් අනුව රටේ දියුණුව සඳහා කාරක සභාව තුළින් කටයුතු ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා.ආයතන 1000ක ආසන්න ප්‍රමාණයක් කැඳවා පරික්ෂා කිරීමට තිබෙනවා. කාරක සභාව හුදෙක් වැරදි සේවීමේ කාර්යභාරයට අමතරව නිවැරදිව මූල්‍ය කටයුතු කරන ආයතන ඇගයීමට ද බලපොරොත්තු වෙනවා. ජනතාවට තොරතුරු ඉදිරිපත් කර ඵලදායි වැඩපිළිවෙලක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා යැයි පැවසී ය.

     

     


    ආයතන 874ක ගිණුම් කාරක සභාවේ අධීක්ෂණයට යටත් වෙනවා-පාර්ලිමේන්තුවේ මහලේකම්

    dammika Dශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, කරක සභාවල සිටින සාමාජිකයන්ට ගෞරවයෙන් පිළිගැනීම පාර්ලිමේතුවේ සම්ප්‍රදායක්. ඔවුන් සියලු දෙන ඉහළ පළපුරුද්දක් සහිත මන්ත්‍රීවරු වීම අවශ්‍ය කරුණක්. නීති අනපනත් සකස් කරන පාර්ලිමේන්තුව මහජන මුදල් පරිහරණය කිරීම පිළිබඳව සොයාබැලීම පාර්ලිමේන්තුවට පැවරෙන ප්‍රධාන කාර්යභාරයක්.

    ආයතන 874ක ගිණුම් කාරක සභාවේ අධීක්ෂණයට යටත් වෙනවා.ගිණුම් කාරකසභවේ ගිණුම් විවාදයට ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම වැදගත් වෙනවා. ලබාගත් නිදේශ පිළිබඳව පසුවිපරමක් කිරීම, සමහර ස්ථාවර නියෝග සංශෝධනය කිරීමටත් අවශ්‍ය වේ යැයි ද මහලේකම්වරයා පැවසී ය.


    මේ අවස්ථාවට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා,පොදු ව්‍යාපාර කාරක සභවේ සභපති, පර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා,  අතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධරීහු, පර්ලිමේන්තුවේ නිලධාරීහු රැසක් මේ අවස්ථවට එක්ව සිටියහ.

     

     

    cop

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya