මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ සතිය ඇතුළත ප්‍රායෝගික විසඳුමක්- ආණ්ඩුවට පළාත් සභාවල මුදල් පාලනය කිරීමේ අවශ්‍යතාවක් නෑ

    දෙසැම්බර් 08, 2015

    මේ ආණ්ඩුවට පළාත් සභාවල මුදල් පාලනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නෑ.මේ සතිය ඇතුළත ප්‍රායෝගික විසඳුමක් ලබාදෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, සමජ සවිබල ගැන්වීම් හා සුබ
    සාධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ අද විවාදයට ගැනේ.

     

    ප්‍රධාන අමාත්‍යවරු තමන්ට වෙනම වැයශීර්ෂයක් නෑ කියලා,ප්‍රශ්නයක් මතු කළා.ඒ පිළිබඳව ජනාධිපතිතුමා, සහ මුදල් අමාත්‍යතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වුවා. මේ සතිය ඇතුළත ප්‍රායෝගික විසඳුමක් ලබාදෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

     


    මේ ආණ්ඩුවට පළාත්සභාවල මුදල් පාලනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නෑ.මේ ප්‍රශ්නයට හේතුව ක්‍රමවේද දෙකක් පෙර අයවැය වල
    ඉදිරිපත් කර තිබීම නිසයි.මේ ප්‍රශ්නයට අපට විසඳුමක් සොයන්න අවශ්‍ය වී තිබෙනවා.

     

    මීළඟ පළාත් පාලන මැතිවරණය පිළිබඳව ප්‍රශ්න මතු කළා.අලුත් ඡන්ද ක්‍රමයක් හදුන්වා දුන්නා.සියයට 70%ක් කොට්ඨාශ ක්‍රමයත්
    සියයට 30%ක සමානුපාතික ක්‍රමයත් හදුන්වා දුන්නා.

     


    දැන් තිබෙන එකම ක්‍රමය වන්නේ මෙම ක්‍රමයයි.අගමතිතුමා පොරොන්දුවක් දුන්නා ගමට වගකියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
    බිහි කරනවා කියන කාරණය.දූෂිත මනාප ක්‍රමයෙන් අපි ඈත්වෙනවා කිව්වා.

     

    ජනාධිපතිතුමාගේ හ අගමැතිතුමගේ උපදෙස් පරිදි සීමා නීර්ණය සම්බන්ධයෙන් කොමිටුවක් පත් කළා.එහි අභියාචනා සළකමින්
    පවතිනවා.අද වනවිට අභියාචනා 500ක් ලැබී තිබෙනවා.කලින් මෙම සීමා නීර්ණය පිළිබඳ ඇඟිල්ල දිගු කළා, ඒ නිසා මේ මාසේ 11 වෙනිදා ජනාධිපතිතුමා සහ අගමැතිතුමගේ ප්‍රධනත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා.මම බලාපොරොත්තු වන්නේ, අභියාචනා සියල්ල ම එකඟතාවයෙන් විසඳන්නයි.

    කාන්තා නියෝජනය පිළිබඳව කතා කරනවා.ඊළඟ පළාත් පලන ඡන්දයේ දී කාන්තා නියෝජනය තුනෙන් එකක කාන්තා නියෝජනයක් ලැබෙනවා.කුණු ප්‍රශ්නය දිගින් දිගටම කතා කළා.පළාත් පාලන ආයතන සම්බන්ධ කර කුණු ප්‍රශ්නයට විසඳුමක් සොයන්න කටයුතු කරනවා.


    පළාත් පාලන ක්ෂේත්‍රයට අදාළ යල්පැනගිය පනත් සංශෝධනය කිරීමට කමිටුවක් පත් කරන බවත් එම සංශෝධන පාර්ලිමේන්තුවට
    ගෙන එන බවත් අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya