මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දඬුවමට ලක්ව සිටින කාන්තාව වෙනුවෙන් නඩු තීන්දුව වෙනස් කරගැනීමට උපරීම උත්සහය දරනවා

    දෙසැම්බර් 08, 2015

    සෞදි අරබියේ දී ගල් ගසා මරාදැමීමේ දඬුවමට ලක්ව සිටින  ශ්‍රී ලාංකික කාන්තාව සම්බන්ධ නඩුව නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙන බවත් කාන්තාව වෙනුවෙන් නඩු තීන්දුව වෙනස් කරගැනීමට උපරීම උත්සහය දරන බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් කළා.සෞදි අරබියේ රියාද් අගනුවර ඇපෑල් අධිකරණයෙන් ලැබුණු මතය ප්‍රාදේශීය අධිකරණය
    දැනුවත් කර තිබුණා.ඒ දැනුවත් කිරීම මත අපේ මැදිහත් වීම හරහා නීතිඥ උපදෙස් අනුව නැවත මෙම නඩුව විවෘත කරන්නට තීරණය
    කර තිබෙනවා. එය අප ලද ජයග්‍රහනයක්.

    විදේශ කටයුතු අමාත්‍යාංශ සියලුම වියදම් දරමින් මෙම කාන්තාව වෙනුවෙන් උපරීම උත්සහය දරනවා,මෙම නඩු තීන්දුව වෙනස් කර ගැනීමට යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya