මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් රාජ්‍ය සේවය විධිමත් ලෙස ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පවතිනවා

    දෙසැම්බර් 08, 2015

    පළාත් රාජ්‍ය සේවය විධිමත් ලෙස ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පවතින බවත් රටේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කරන්නට විධිමත් ලෙස සුදුසුකම් තිබෙන නිලධාරීන්ගෙන් සමන්විත පළාත් පාලන සේවයක් රාජ්‍ය සේවයට යළිත් එකතු කළ යුතු බවත්පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.


    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස්
    දක්වමිනි.

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, සමජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ අද විවාදයට ගැනේ.

     

    වසර 2016 පළාත් පාලන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදු වීමට නියමිතයි.නව සංශෝධනයට අනුවයි පළාත් පාලන මැතිවරණය
    ක්‍රියාත්මක වන්නේ.සීමා නීර්ණය තවම සිදු කර නෑ කියා ප්‍රකාශ කළා.සීමා නීර්ණය සිදු කර අවසන්.ඊළඟ දුක් ගැනවිළි කමිටුව පත්
    කර තිබෙනවා.එම කටයුතු අවසන් වුණට පස්සේ මැතිවරණය යථාපරිදි පැවැත්වීමට කටයුතු කරනවා.

     


    කාන්තා නියෝජනය සහතික කර ගැනීම,එම කටයුත්ත ලබන වසරේ මැතිවරණය පැවැත්වෙන කාලය වනවිට කාන්තා
    නියෝජනයට අදාළ සංශෝධන පනතට එකතුකරන්න තමයි අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ.


    එය දැනට කැබිනට් මණ්ඩලයේ අනුමත කර තිබෙනවා.එම නීති කෙටුම්පත දැන් සැකසෙමින් තිබෙනවා.පළාත් පාලන මැතිවරණ
    සංශෝධන පනතට ගෙනෙන සංශෝධන සහිතව කාන්තා නියෝජනයට අදාළ අලුත් විධිවිධාන එකතු කර ඊළඟ පළාත් පාලන
    මැතිවරණය කාන්තා නියෝජනය සහතික කරන මැතිවරණයක් පැවැත්වෙන බව සතුටින් දැනුම් දෙන්නට කැමතියි.

     


    ප්‍රජා පාලන මණ්ඩල ක්‍රමය යළි බලගැන්වීම පිළිබඳව අධ්‍යයනය කරමින් සිටිනවා.බොහෝ ප්‍රාදේශීය සභාවල මෙම ප්‍රජා පාලන මණ්ඩල ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ නෑ.


    මේ පළාත් පාලන ආයතනවලට පත්වන ජනතා නියෝජිතයන්ගේ ගුණාත්මභාවය පිළිබඳ ගැටළු තිබෙනවා.දූෂණය ,වංචාව,සම්පත්
    නාස්තිය පිළිබඳව කප් ගහපු අය පළාත් පාලන ආයතනවල ඉන්නවා.මේවා පුනරුත්ථාපනයක් කරනවා වගේම පළාත් රාජ්‍ය
    සේවය විධිමත් ලෙස ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පවතිනවා.මෙයට විරුද්ධව නිලධාරි හා දේශපාලන තන්ත්‍රය මතුව තිබෙනවා.අපේ රටේ
    පළාත් පාලන ආයතන හරියට ක්‍රියාත්මක කරන්නට නම් විධිමත් ලෙස සුදුසුකම් තිබෙන නිලධාරීන්ගෙන් සමන්විත පළාත් පාලන
    සේවයක් මේ රාජ්‍ය සේවයට යළිත් එකතු කළ යුතුයි කියන යෝජනාව සභාවට ඉදිරිපත් කරන්නට කැමතියි.


    පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් තාක්ෂණික ගැටළුවක් යොමු වුණා.ජනාධිපතිතුමා, පළාත් ප්‍රධාන
    අමාත්‍යවරු සමඟ සාකච්ඡා කර ගැටළුවක් තිබෙනවා නම් විසඳුමක් ලබාදෙන බව සඳහන් කර තිබෙනවා.


    පළාත් පාලන අමාත්‍යාංශයක් අවශ්‍ය නෑ කියනවා.එයට එකඟ නෑ. මූලධර්මිකව කවුද මේ ආයතන සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක්
    මතු වුණොත් කොයි ඇමැතිවරය ද උත්තර දෙන්නේ?එම නිසා ඉතාම අවශ්‍යයි. මධ්‍යම ආණ්ඩුව වෙනුවෙන් එම සම්බන්ධීකරණය සඳහා
    අමාත්‍යාංශයේ පැවැත්ම ඉතාම අත්‍යාවශ්‍යයි කියා කියනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya