මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවිධිමත් නාගරික සංවර්ධනය, විධිමත් සංවර්ධනයක් බවට පත් කිරීමට කටයුතු කරනවා

    දෙසැම්බර් 08, 2015

    රටපුරා තිබෙන අවිධිමත් නාගරික සංවර්ධනය, විධිමත් නාගරික සංවර්ධනයක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් එහිදී උපායමාර්ගික නගර කීපයක් හදුනාගෙන තිබෙන බවත් මහා නගර හා බස්නහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.


    යහපලන පාලනය යටතේ ග්‍රාමසේවා වසම්වල ඉදිරි සංවර්ධන කටයුතු සිදු කරන්නටත් ඉදිරි කාලයේ ඇති කිරීමට යන පොකුරු
    ගම්මානවල ඒ වැඩපිළිවෙළ විධිමත්ව බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන්නට බලපොරොත්තු වෙනවා.

     

    රටපුරා තිබෙන අවිධිමත් නාගරික සංවර්ධනය විධිමත් නාගරික සංවර්ධනයක් බවට පත් කිරීම.එහිදී උපායමාර්ගික නගර කීපයක්
    හදුනාගෙන තිබෙනවා.මහනුවර, ගාල්ල,යාපනය,අනුරාධපුරය, ත්‍රිකුණාමලය ආදී නගර උපයමාර්ගික නගර ලෙස සංවර්ධන්ය
    කරනවා.

     

    මුළු රටපුරාම විධිමත් නාගරික සැළැස්මක් යටතේ ගොඩනැන්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.ජාතික භෞතික සැළැස්ම සකස්
    කිරීම අපගේ තුන්වැනි වගකීමයි.මේ රටේ ඉතාම වැදගත් පනතක්.එය නිවැරදි ලෙස ක්‍රියාත්මක කරනවා නම් මේ රටතුළ සියලු
    සංවර්ධන පසුබිම සකස් කිරීමට හැකියාව ලැබෙනවා.

     

    නව රජය ආර්ථික කලාප 45ක් පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.එයට අනුකූලවන ලෙස ජාතික භෞතික සැළැස්ම
    යාවත්කාලීන් කිරීම,කටයුතු කරගෙන යනවා.

     

    සමස්ත බස් නාහිර පළාතම මහා නගරයක් ලෙස ගොඩනැන්වීමේ යෝධ ව්‍යාපෘතිය අපේ අමාත්‍යාංශයට තිබෙනවා.සෑම සැළැසුමක් ම
    අනෙක සමඟ ගැටෙන්නේ නැතිව එකම පොදු සැළැස්මකට යටත්ව ලබන වසරේ සිට ක්‍රියත්මක කරන බලපොරොත්තු වෙනවා.

     

    මෙය අවශ්‍ය වන්නේ අවිධිමත් නාගරිකකරණයට විසඳුම් ලබදීම සඳහායි.අද බස්නාහිර පළාතේ යාචකයින් විශාල ප්‍රමණයක්
    සිටිනවා.අයලේ යන ගවයින් 2000ක් පමණ සිටිනවා.අයාලේ යන සුනඛයින් 16,000ක් සිටිනවා බස්නහිර දිස්ත්‍රික්කයේ.මේ ප්‍රශ්නය
    අප ඉදිරියේ තිබෙනවා.දුඟී පැල්පත් වාසීන් 68,000ක් සිටිනවා.

     

    අවිධිමත් නාගරික කරණය නිසා පාරිසරික ගැටළු මතුව තිබෙනවා.මේ ගැටළුවලට නාගරික සැලසුම්වලින් යම් විසඳුමක් ලබදෙන්නට පුළුවන් නම් එය කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

    මාර්ග තදබදය බලවත් ප්‍රශ්නයක්.කොළඹට විසි ලක්ෂයක් යනවා එනවා.වාහන පන් ලක්ෂයකට වඩා එනවා.මෙය ආර්ථික ප්‍රශ්නයක්
    බවට පත් වී තිබෙනවා.කඩිනම් විසඳුම් සොයගැනීමට බලාපොරොත්තු වෙනවා.

     

    මහානගර ගොඩනගවා කිව්වාම පරිසරය අමතක කරලා,කොන්ක්‍රීට් පුරවරයක් කරනව කියලා.එහෙම දෙයක් නෑ.බස්නහිර පළාතේ
    තිබෙන සෑම ජීව සම්පතක් ම සෑම වැවිලි සම්පතක්ම සෑම කෘෂිකාර්මික සම්පතක් ම ඉදිරියට යාමයි බලාපොරොත්තුව
    වන්නේ.

     

    කලාප ක්‍රමයට බස්නාහිර පළාත් හඳුනගෙන ගොඩනගන්න කටයුතු කරනවා.ඒ සඳහා යෝජන හතරක් ඉදිරිපත් කර
    තිබෙනවා.සංකල්ප්යක් ලෙස ධවල පත්‍රිකාවක් ලෙස යම් අඳහසක් අරගෙන තිබෙනවා,කලාපීය ලෙස මහානගරය ගොඩනගන්නට.එය
    විවෘත වැඩපිළිවෙලක්.ඒ සඳහා ජනතා අඳහස් සමඟ ක්‍රියාකරනවා.ඒ ධවල පත්‍රිකාව ලබන ජනවරි 08 වැනිදා රටහමුවේ ඉදිරිපත් කරනවා.

     

    විධිමත් වරාය නගරක් ඉදිකරන්න බලපොරොත්තු වෙනවා.විධිමත් ගුවන් පහසුකම් සහිත විධිමත් ගුවන් නගරයක්
    කටුනායක 18 කණුව සිට මිණුවන්ගොඩ දක්වා සංවර්ධනය කරන්නට බලාපොරොත්තු වෙනවා.

     

    මාළබේ සිට හෝමාගමට තාක්ෂණ නගරයක් ලෙස දියුණු කරන්නට බලාපොරොත්තු වෙනවා.අවිස්සාවේල්ල ප්‍රදේශය වැවිලි ප්‍රදේශයක්
    ලෙස ගොඩනගන්නට කටයුතු කරනවා.බදුරලිය ප්‍රදේශය පරිසර හිතකමී ප්‍රදේශයක් බවට පත් කරනවා.අළුත් ගම සංචාරක
    ප්‍රදේශයක් බවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා.මීගමුව සංචාරක ප්‍රදේශයක් බවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා.

     

    කඩවතට, බණ්ඩාරගමට, කොට්ටාවට, පරිපාලන ප්‍රදේශ පුළුල් කරන්නට බලාපොරොත්තු වෙනවා.සියලු පරිපාලන ස්ථාන පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ ස්ථාපිත කරන්නට බලාපොරොත්තුවෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya