මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වවුචර් පත ලබාදීම කඩා කප්පල් කිරීමේ පියවරක් තිබේදැයි සැකයක්- අධ්‍යාපන අමාත්‍ය

    දෙසැම්බර් 08, 2015

    පාසල් නිල ඇදුම් ලබාදීමේ වවුචර් පත ලබාදීම කඩා කප්පල් කිරීමේ පියවරක් තිබේදැයි සැකයක් තිබෙන බවත් හෙට දින මේ සම්බන්ධයෙන් ප්‍රකශයක් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කරියවසම් මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාසල් නිල ඇදුම් වවුචරය පිළිබඳව
    යොමු කළ වාචික ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමිනි.

     

    ඊයේ වනවිට සියයට 95%ක් සාර්ථක ලෙස වවුචර් බෙදා දී තිබෙනවා. ළමුන් 500ට වැඩි පාසල් තිබෙන්නේ 7,700ක් ඒ නිසා වවුචර් අත්සන් කිරීමේ ගැටළුවක් තිබෙන්නට නොහැකියි. ප්‍රධාන පෙළේ පාසල් සියයට 95%ක් වවුචර් ලබාදී තිබෙනවා. වවුචර් ලබාගැනීම
    පෙබරවාරි 28 දක්වා දීර්ග කර තිබෙනවා. හෙට මේ පිළිබඳව ප්‍රකාශයක් කරනවා. කඩාකප්පල් පියවරක් තිබේ දැයි සැකයක් තිබෙනවා යැයි ද අමත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya