ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දුම්වැටි විරෝධි ජාතික සම්මානයෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් ඊයේ (07) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති උත්සවයට එක් වෙමිනි.
සෑම වසරකම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප 06 කින් දුම්කොළ මර්දනයට කටයුතු කරනු ලබන පුද්ගලයන් සහ සංවිධාන ඇගයීමට ලක් කරනු ලබන අතර මෙම ඇගයීම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂ ඇගයීම් සම්මානය වන දුම්වැටි විරෝධි දින සම්මාන ආකාරයෙන් පිරිනමනු ලැබේ. 2015 වසරේ අග්නිදිග ආසියානු කලාපයේ මෙම ගෞරවණිය සම්මානය ශී‍්‍ර ලංකාවට හිමි විය.
උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දුම්කොළ සහ මද්‍යසාර සම්බන්ධයෙන් රජයේ ප‍්‍රතිපත්ති ශක්තිමත් කරමින් ඵලදායී ප‍්‍රතිඵල ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගෙන යන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලද මෙම සම්මානය ඉතා ගෞරවයක් බවයි.
තමා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දි දුම්වැටිය මර්දනය කිරීමට නව නීති සම්පාදනය සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කළ විට එම නීති සම්මත කළහොත් රටට සංචාරකයින් ගෙන්වා ගත නොහැකි බව පවසා ඒවා ඉවත් කර දැමූ බවද සිහිපත් කළ ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඖෂධ පනත පිළිබඳව ගෙන ගිය සටන තුළ මේ රටේ ජනතාව තමා ජනාධිපතිවරයා ලෙස පත්කරගත් බවද සිහිපත් කළේය.
ජනාධිපතිතුමා අතින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත මෙහිදී සම්මානය පිරිනමනු ලැබිණි.
මැති ඇමතිවරුද මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඇතුළු විද්වත් ආරාධිත පිරිසක්ද දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පුනාම් කේත‍්‍රාරාෂිං යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියහ.