මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර දූෂණය වැළැක්වීමට නව නීති සම්පාදනය කරනවා-තුන් අවුරුදු සැළැස්මක් තුළ අලුත් මුහුණුවරකින් සංවර්ධනය වේගවත් කරනවා

    දෙසැම්බර් 07, 2015

     

    * මාදුරු ඔය දකුණු ඉවුර ව්‍යාපාරය නව සංවර්ධන යෝජනා ක්‍රමයක්........

    *කැලෑ කැපීම් සම්පූර්ණයෙන් නතර කරන්න උපදෙස්...

    *මන්ත්‍රීවරුන්ට උතුරු ප්‍රදේශයට යෑමට පහසුකම් සළසනවා....
    *කිසිදු භේදයකින්, තරාතිරම් නොබලා, පක්ෂ භේදයක් නොමැතිව,අනිවාර්යෙන් ම නීතිය ක්‍රියාත්මක කරනවා..........
    *මැණික් කර්මාන්තය කැණීම් සම්බන්ධයෙන් කිසිම ආකරයෙන් විදේශ සමාගම්වලට බලපත්‍ර නිකුත් කරන්නේ නෑ.
    *ජෛව විවිධත්ව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ තුළ ජාතික සැළසුම් පැහැදිළිව ක්‍රියාත්මක කරනවා...........

    *ජනවාරි පළමු වැනි දින සිට පොලිතීන් භාවිතය සම්බන්ධයෙන් අපි දැඩි නීති ක්‍රියාත්මක කරනවා.......

     

    පරිසර දූෂණය වැළැක්වීමට එක් පැත්තකින් තිබෙන නීති ක්‍රියාත්මක කිරීමත් නව නීති සම්පාදනය කිරීමත් කරනවා.මහවැලි සහ පරිසර අමත්‍යාංශයට අයිති ආයතන තුළ ඉදිරි තුන් අවුරුදු සැළැස්මක් ක්‍රියාත්මක කර නව වැඩපිළිවෙලක් තුළ අලුත් මුහුණුවරකින් අවශ්‍ය සංවර්ධනය වේගවත් කර කාර්යයන් ඉටු කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (07) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ ය.


    ජනධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2016 කාරකසභ අවස්ථාවේ විවාදයේ මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.


    මහවැලි සංවර්ධන ව්‍යාපාරයත් පරිසර සංරක්ෂණයත් ගත් විට නව රජය යටතේ මේ ආයතන තුළ ඉදිරි තුන් අවුරුදු සැළසුම් සකස් කරලා මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.


    මහවැලි ව්‍යාපාරය තුළ මොරගහ කන්ද ,කළු ගඟ ව්‍යාපෘති ඉතාම සීඝ්‍රයෙන් සිදුවන අතර නව රජය යටතේ තීරණයක් අරගෙන මාදුරු ඔය දකුණු ඉවුර ව්‍යාපාරය මඩකළපුව,ත්‍රීකුණාමලය,අම්පාර දිස්ත්‍රික්කවල නව සංවර්ධන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට සක්‍යතා අධ්‍යයන සිදු වෙමින් පවතිනවා.

     

    ත්‍රිකුණාමලය, අම්පාර , මඩකළපුව ඒ ප්‍රදේශවල ඉඩම් හිමි ජනතාවට එම ඉඩම් සංවර්ධනය කිරීමට බාර දෙනවා.මේ අමාත්‍යාංශය තුළ ඉදිරි තුන් අවුරුදු සැළැස්ම ක්‍රියාත්මක වීම තුළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සෑම දෙනාගේම සහාය ඉල්ලා සිටිනවා.

     

    විපක්ෂ මන්ත්‍රිවරු , ඉදිරිපත් කළ අඳහස්වල අවධානයට ලක් වූ කරුණු අතර ඉදිරිපත් වුණා, කැලෑ කැපීම්, මැණික් ගැරීම්, වැලි ගොඩදැමීම් මේ නිසා ඇති වී තිබෙන විනාශය නිසා සුබවාදි හා අයහපත් තත්ත්වයන් පිළිබඳව.


    උතුරු ප්‍රදේශයේ කැලෑ කැපීම් පිළිබඳව කරුණු ඉදිරිපත් කළා.මාස කීපයට පෙර ලැබුණු තොරතුරු මත යුද හමුදාව, පොලීසිය, වන රක්ෂණ දෙපාර්තමේන්තුව,දිසාපතිවරුන්ට උපදෙස් දුන්නා කැලෑ කැපීම් සම්පූර්ණයෙන් නතර කරන්න උපදෙස් දුන්නා.එවැනි ක්‍රියා සිදු වුවහොත් අදාළ නිලධරීන් සම්පූර්ණ වගකීම බාරගත යුතුයි.

     

    නැවත පදිංචි කිරීම් යටතේ ඉඩම් නිදහස් කර තිබෙනවා. 2013 සහ 2014 දී .අන්තර් අමාත්‍යාංශ කමිටුවක් මඟින් මෙම ඉඩම් නිදහස් කිරීම කර තිබෙන්නේ.නිලධාරීන්ගේ විරෝධය මත, එහෙත් ගනු ලැබූ දේශපාලන තීන්දු අනුව මේ ඉඩම් නිදහස් කිරීම් සිදුව තිබෙනවා. මන්නාරම අක්කර 2500ක්,වව්නියාව දිස්ත්‍රික්කය අක්කර 325ක්, මුලතිව් දිස්ත්‍රික්කය අක්කර 445ක් මෙලෙස තිබෙනවා.

     

    නැවත පදිංචි කිරීම් වලදි මම ඉතාම පැහැදිළිව උපදෙස් දුන්නා, ඉඩම් බාරගෙන හෝ බාර නොගෙන තිබුණත් කැලෑ කැපීම් කෙරෙනවා නම් ඒවා සම්බන්ධයෙන් තීන්දු ගත යුතුයි. කැලෑ කැපීම් කිසිසේත් ම ඉඩදීම වැළැක්විය යුතුයි.

     

    නැවත පදිංචි කිරීම් තුළ මුස්ලිම් හා දෙමළ ජනතාව, නැවත පදිංචි කිරීම්,සම්බන්ධයෙන් අප විසින් ගතයුතු විකල්ප තීන්දු තීරණ ගැනීමටත් අපි සාකච්ඡා කර යුතුව තිබෙනවා.

     

    මන්ත්‍රීවරුන්ට මම ආරාධනා කරනවා,මේ සතිය තුළ ම්ම රැස්වීමක් කැඳවනවා,අදාළ නිලධාරීන් සමඟ උතුරු ප්‍රදේශයට යෑමට පහසුකම් සළසනවා, ඒ ප්‍රදේශවලට ගිහිල්ලා තත්ත්වය නිරීක්ෂණය කර මේ සතියේම වාර්තාවක් ලබාගැනීමට.

     

    නීති විරෝධී ලෙස ගස් කැපීම්,වැලි ගොඩ දැමීම්, ගල් කැඩීම් සහ මැණික් කර්මාන්තය යෙදෙනවා නම් කිසිදු භේදයකින්, තරාතිරම් නොබලා, පක්ෂ භේදයක් නොමැතිව,අනිවාර්යෙන් ම ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.

     

    මැණික් කර්මාන්තය විදෙස් සමාගම්වලට , විදේශිකයන්ට බලපත්‍ර ලබා දී කියන කාරණය පිළිබඳව.ජනවාරි මස 08 ට පෙර මම පොදු අපේක්ෂක ලෙස රත්නපුර ජනතාව කළ ඉල්ලීමක් තමයි,විදේශ සමාගම්වලට මැණික් කර්මාන්තයේ බලපත්‍ර ලබදී තිබෙනවා,බලයට පත් වුවොත් වහාම නවත්වන්න කිව්වා. අපි ජයග්‍රහණය කළාට පසුව අමාත්‍යාංශය බාරගෙන කළ පළමු කාර්යය තමයි විදේශ සමාගම් හතරක බලපත්‍ර මම වහාම අවලංගු කළා.

     

    මම තහනම් ක්‍රියාත්මක කර තිබෙන අතරවාරේ මැණික් සංස්ථවේ පත්කර සිටි සභාපතිවරයා සමාගම් දෙකකට නැවත බලපත්‍ර වලංගු කළා. මම සභාපති අස් කළා.ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ අරගෙන තිබෙනවා.අපි ප්‍රතිපත්තියක් ලෙස ප්‍රධාන වශයෙන් ම මේ රටේ දේශීය මැණික් කර්මාන්තය කැණීම් සම්බන්ධයෙන් කිසිම ආකරයෙන් විදේශ සමාගම්වලට බලපත්‍ර නිකුත් කරන්නේ නෑ.

     

    විදේශීය ආයතනවල තාක්ෂණික දැනුම ශිල්පීය ඥාණය අපේ මැණික් කර්මාන්තය සඳහා අවශ්‍ය වෙනවා.ස්වාභවික සම්පත් විනාශ කිරීම සඳහා කිසිම ආකාරයකින් අපි ඉඩදෙන්නේ නෑ. නීතිය තදින් ම ක්‍රියාත්මක කර අධිකරණය හමුවට ඉදිරිපත් කරනවා.

     


    පරිසර අංශය සහ පරිසර විෂය සම්බන්ධව කතාකරන විට පරිසර අමාත්‍යාංශය හරහා ජාතික වැඩසටහන් තුළ ඉදිරි තුන් අවුරුදු සැළැස්ම සමඟ මූලික වශයෙන් ම අන්තර්ජාතික සම්මුති හා සාධක සමඟ මූලික කාර්යයන් අපි ඉටු කරනවා.ජෛව විවිධත්ව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ තුළ කටයුතු කිරීමේ දී පරිසර අමාත්‍යාංශය අනෙකුත් ආයතන සම්බන්ධයෙන් එක් වී මේ පිළිබඳව අපේ ජාතික සැළසුම් පැහැදිළිව ක්‍රියාත්මක කරනවා.

     


    පරිසර දූෂණය වැළැක්වීමට එක් පැත්තකින් තිබෙන නීති ක්‍රියාත්මක කිරීමත් නව නීති සම්පාදනය කිරීමත් කරනවා.ලබන වසරේ ජනවාරි පළමු වැනි දින සිට පොලිතීන් භාවිතය සම්බන්ධයෙන් අපි දැඩි නීති ක්‍රියාත්මක කරනව. ගැසට් නිවේදනය නිකුත් කර අවසන්.පොලිතීන්වලින් සිදුවන හනිය ඉතාම බරපතලයි.

     

    මේ වනවිට දැනුම් දී තිබෙනවා,2018 වනවිට ඇස්බැස්ටස් සීට් සම්පූර්ණයෙන් තහනම් කිරීමට. පිළිකා පිළිබඳ බරපතල තත්ත්වයක් තිබෙනවා. මේ කටයුතු සම්බන්ධයෙන් රජයක් ලෙස වගකීම් නිසි පරිදි ඉටු කරනවා.
    සමුද්‍රීය පරිසර දූෂණය වැළැක්වීමට අපේ ජාතික නීති හා අන්තර්ජාතික යෝජනා ක්‍රියාත්මක කරමින් කටයුතු කරනවා. වෙරළ ඛාදනය වැළැක්වීමට නාවික හමුදා සහාය අරගෙන සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් අපේ කාර්යයන් ඉටු කරනවා.


    රාජ්‍ය දැව සංස්ථාවේ මූලික කාර්යයන්ට අමතරව ලබන වසරේ සිට වන වගාවේ කොටසක් බාර දෙනවා.

    මහවැලි අධිකරිය තුළ විශේෂයෙන් ම ඉඩම් බෙදා හැරීම සහ අනෙකුත් කාර්යයන් පිළිබඳව හා අවශ්‍ය ප්‍රතිසංවිධාන කර කළමනාකරණය හා පරිපාලනය කරනව, ඒ ප්‍රදේශවල ගොවි ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට මූලික වශයෙන් සඳහන් කරනවා.

     


    පුල්මුඩේ ඉල්මනයිට් ෆැක්ටරියේ තත්ත්වය ගත් විට, එය පරික්ෂා කළා,පසුගිය වසර කීපය ඉතාම කණගාටුදායක තත්ත්වයක් තිබුණේ. අපි එහි ආදයම රජය ලබාගැනීමට අවශ්‍ය මූල්‍ය කටයුතු කරනව. ඒ සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කර තිබෙනවා.

    එම නිසා මහවැලි සහ පරිසර අමත්‍යාංශයට අයිති ආයතනතුළ ඉදිරි තුන් අවුරුදු සැළැස්මක් ක්‍රියාත්මක කරන විට නව
    වැඩපිළිවෙලක් තුළ අලුත් මුහුණුවරකින් අවශ්‍ය සංවර්ධනය වේගවත් කරමින් මෙම කාර්යයන් ඉටු කිරීමට කටයුතු කරනවා.


    වනවිනාශය, මැණික් කර්මාන්තය,පස් ගල් ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් කර්මාන්ත සඳහා නීත්‍යාණුකූලව ලබාගැනීමත් නීතියෙන් පිටස්තරව එම කටයුතු සිදුවීම වැළැක්වීම සඳහාත් අපි ගත හැකි සෑම පියවරක් ම ගන්නවා යැයි ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya