මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞදි අරාබියාවට ගෘහසේවිකාවන් යැවීම නතර කිරීමේ තීරණයක් ගෙන නෑ- විදේශ රැකියා අමාත්‍ය

    දෙසැම්බර් 07, 2015

    සෞදි අරාබියාවට ගෘහසේවිකාවන් යැවීම නතර කිරීමේ  තීරණයක් තවම ගෙන නොමැති බවත් විදෙස්ගතවන කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳව පියවර ගෙන තිබෙනව බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

     

    අමාත්‍යවරිය අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් යොමුකළ වචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    විදෙස්ගතවන කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳව පියවර ගෙන තිබෙනවා.කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා විශේෂයෙන් ම විවිධ පියවර ගෙන තිබෙනවා.විදේශගත වන කාන්තාවන් පිළිබඳව නිරන්තරයේ සොයාබැලීම කරනවා.පුහුණු සැසි පවත්වා ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදු කරනවා. කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා ආදාළ යටිතල පහසුකම් සැළසීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැළසීම සඳහා තානාපති කාර්යාලය වෙත ලබාදීම සිදු කෙරෙනවා.

     

    ලිංගික අපයෝජනයක් හෝ ඇණ ගැසීමක් ගැන විධිමත් පැමිණිල්ලක් කරන්නේ නෑ. පැමිණිල්ලක් ආවොත් ඒ ගැන ක්‍රියමාර්ග ගන්නවා.මේ රටේ ආර්ථිකයත් එක්කයි කාන්තාවන් වැඩි වශයෙන් පිටරට යන්න පටන් ගත්තේ.යහපාලන රජය තුළ නීති රීති ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා වගේ ම විදේශ ගතවන කන්තාවන් අවම කිරීමට උපරිමව කටයුතු කරනවා.

     

    රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත්වීමක් වී තිබෙනවා.ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යතුමා ඇතුළු විශාල පිරිසක් මේ
    වෙනුවෙන් කටයුතු කරමින් සුබදායි උත්තරයක් බලාපොරොත්තු වෙනවා යැයි ගල් ගස මරාදැමීමට සූදානම්ව ඇතැයි කියන
    කාන්තාව සම්බන්ධයෙන් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව පැවසී ය.

     


    සෞදි අරාබියාවට ගෘහසේවිකාවන් යැවීම නතර කිරීමේ තවම තීරණයක් නෑ.එකවර තීන්දු කළ හැකි දෙයක් නොවේ.ශ්‍රී
    ලාංකිකයන් ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් සෞදි අරාබියේ ඉන්නවා.රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමෙන් ඒ කටයුතු පිළිබඳව
    කටයුතු කරන්නේ යැයි ද අමාත්‍යවරිය ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya