මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලෑ ආරක්ෂා කිරීමට අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණයක් අවශ්‍යයි - ආපදා කළමනාකරණ අමාත්‍ය

    දෙසැම්බර් 07, 2015

    වනය පවත්වාගෙන යාමට ක්‍රියා කිරීම අවශ්‍ය බවත්, වනය ආරක්ෂා කිරීමට අවශ්‍ය බවත් ,කැලෑ ආරක්ෂා කිරීමට අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණයක් අවශ්‍ය බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකශ කරයි.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    විසර්ජන පනත් කෙටුම්පත 2016 ට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව්වැනි දිනය වන අද(07) දින කාන්තා හා ළමා
    කටයුතු අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය , වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශ
    සඳහා අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනේ.

     


    අපේ වනන්තර සියයට 19ත් 23ත් අතර වනගහනයක් තිබෙනවා. මේ වනය පවත්වාගෙන යාමට ක්‍රියාකරන්න අවශ්‍යයි. අපි මේවා ආරක්ෂා කරන්න ඕන.වන ප්‍රදේශවල ජනාවාස සඳහා මිනිසුන් ඉල්ලීම් කරනවා. යුද්ධය නිසා ඉවත් වුණාට වඩා දස ගුණයක් දැන් එළි වෙලා.වනය පිළිබඳව සිදු කරන ඉල්ලීම් සෘජුව ප්‍රතික්ෂේප කළ යුතුයි.


    අනාගතයේ දී අක්කර දෙකක් දීලා ගම් හදන්න බෑ. කුඩා නගර හදන්න යන්න වෙනවා. අවශ්‍ය ලී ගන්න තමන්ගේ ගෙවත්තෙන් ලී කපාගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණයක් කැලෑ ආරක්ෂා කිරීමට අවශ්‍යයි. අපේ සතුන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ඉතාම අල්පයි.

    හේන් ගොවිතැනේ නියැලෙන අය ඉන්නවා. සාම්ප්‍රදායිකව නියැලෙන අය ඉන්නව. මේ පිළිබඳව වැඩපිළිවෙලක් අවශ්‍යයි. හේන්
    වගාව දිරිමත් කරන ගමන් ඒ සඳහා භූමිය වෙන් කිරීම පිළිබඳවත් සැළකිලිමත් විය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya