මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙනවා

    දෙසැම්බර් 07, 2015

    ළමුන්ගේ රැකවරණ මධ්‍යස්ථාන මේ වනවිට ආරම්භ කරමින් පවතිනවා. රජයේ වත්මන් සංවර්ධන ක්‍රියාදාමය ඔස්සේ කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙමින් කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා යැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    විසර්ජන පනත් කෙටුම්පත 2016 ට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව්වැනි දිනය වන අද (07) දින කාන්තා හා ළමා
    කටයුතු අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය,වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශ සඳහා අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනේ.

     

    මේ වසරේ විදේශ රැකියා සඳහා යන කාන්තාවන්ගේ ප්‍රමාණය අඩු වී තිබෙනවා. කාන්තාවන් පිටරට සේවයට යන එක අවම කිරීමට අපි සාකච්ඡා අරම්භ කර තිබෙනවා.

     

    ග්‍රාමීය මට්ටමින් අමාත්‍යාංශය හරහා කාන්තාවන් උපරිම ලෙස දැනුවත් කරනවා,පිටරට යන එක අවම කර ගැනීමට.කාන්තවන් ආර්ථික පැත්තෙන් ශක්තිමත් කරන්නට විශාල මුදලක් යොදවලා,ග්‍රාමීය මට්ටමෙන් කාන්තාවන් ශක්තිමත් කිරීමට විවිධ වැඩසටහන් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

     

    රජයේ වත්මන් සංවර්ධන ක්‍රියදමය ඔස්සේත් කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙමින් අපි කටයුතු කරන්න පියවර ගෙන තිබෙනවා.දිළිඳු කාන්තාවන් සඳහා නිවාස පහසුකම් ලබාදීම,දේශපාලන හා තීරණගැනීමේ ක්‍රියාවලියට කාන්තා නියෝජනය වැඩි කිරීමට,ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අපයෝජන වැළැක්වීමට යන වැඩ සඳහා මූලිකත්වය ලබාදී තිබෙනවා.

     

    කාන්තාවන්ගේ ස්වයං රැකියා, ව්‍යවසායකත්වය ලබදීමට කටයුතු කරනවා.දරුවන්ගේ හා කාන්තාවන්ගේ ප්‍රශ්න පුළුල්ව සාකච්ඡා කර ප්‍රශ්න විවෘතව කතා කළ හැකි කාන්තා හා ළමා ඒකක අපි ස්ථාපිත කර තිබෙනවා.ඒ සඳහා මධ්‍යස්ථාන ගණනාවක් විවෘත කර තිබෙනවා.

     

    මව්වරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන හයක් පිහිටුවා තිබෙනවා.කාන්තාවන් සඳහා තාවකාලික මධ්‍යස්ථාන පහක් ස්ථාපිත කර තිබෙනවා.

     

    ළමුන්ගේ රැකවරණ මධ්‍යස්ථානත් මේ වනවිට ආරම්භ කරමින් පවතිනවා.සිදුවන හිංසා සහ අපයෝජන වැළැක්වීම සඳහා ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සිවිල් සංවිධාන, මාධ්‍ය සහයෝගය යටතේ පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මාධ්‍ය සංසදයක් ආරම්භ කර මූලික සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා යැයි ද අමාත්‍යවරිය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya