අමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ අද (05) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරක සභා අවස්ථවේ විවාදයේ අඳහස් පළ කරමිනි.
ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමත්‍යාංශය, යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.
අධ්‍යාපනය පිළිබඳව ඇතැමුන් මාධ්‍ය සංදර්ශන පවත්වනවා.අධ්‍යාපනයට යන වියදම වැඩි කර තිබෙනවා. නව අයවැය යෝජනාව තුළ ප්‍රාග්ධන වියදම රුපියල් මිලියන 64,950ක්. මූලධන වියදම මිලියන 65624ක් වැඩිකර තිබෙනවා.අධ්‍යාපනයට වෙන් කළ මුළු වියදම මිලියන 1,24,814ක්.
ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ලක්ෂ 43ක් වූ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කර තිබෙනවා.අපි රටේ අධ්‍යාපනය වෙනුවෙන් නිරවුල් මනසින් කටයුතු ඉටු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
''ළඟම පාසල් හොඳම පාසල" යන තේමාව යටතේ විශාල වැඩකොටසක් කරනව. ඒ සඳහ මිලියන 1000ක් වෙන් කර
තිබෙනවා.ගුරු නිවාස නවීකරණයට රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබෙනවා.පාසල්වල සනීපාරක්ෂව, ජල පහසුකම් සඳහා මිලියන දහසක් වෙන් කර තිබෙනවා. අපි මුල් මස කීපයෑඉ පාසල් 1200කට ලක්ෂ 20 බැගින් ලබාදුන්නා වැසිකිළි කැසිකිළි පහසුකම් සැකසීමට
විදුලිය නොමැති පාසල් සඳහා විදුලිය ලබදීමට මිලියන 2000ක් වෙන් කර තිබෙනවා.ප්‍රාථමික පාසල් සංවර්ධනයට් මුදල් වෙන් කර
තිබෙනව.නොසළකහැරිය පාසල් 1360ක් ගුණාත්මක පාසල් බවට පත් කිරීමට රුපියල් මිලියන 30,000ක් වෙන් කර
තිබෙනවා.වතුකරයේ පාසල් 25ක් ද්විතීයික පසල් බවට පත් කිරීමට කටයුතු කරනවා.
හෙට සිටම මෙම කටයුතු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරනවා.මේවට දේශපාලන න්‍යාය පත්‍ර නෑ.එදා ද්විතියික හ පෝෂිත පාසල් ව්‍යාපෘතිය නිස පාසල් 3000ක් වැසෙන්නට යනවා.
නිල ඇදුම් ගැන කත කරනවා. එක්සත් ජාතික පක්ෂයයි නිල ඇදුම් ලබාදීම ආරම්භ කළේ. අපිට කැක්කුමක් නැත්නම් කාටද කැක්කුමක්
තිබෙන්නේ.කුමන චෝදන අවත් අපි අවංකව කටයුතු කරනවා. අධ්‍යාපන කලාප 90 ටම වවුචර් බෙදා දී අවසන්.එන වසරේ දීත් පාසල් නිල ඇදුම් වවුචර් ක්‍රමය ක්‍රියාත්මක කරනව.එන වසරේ පවතින සියලු අඩු පාඩු සකස් කරනවා.
නිල ඇදුම් දිනයක් නම් කොට සියලු නිල ඇදුම් පරික්ෂ කරනව.නිල ඇදුම් වවුචරයට වෙන් ඇදුම් ගන්න හැකියාවක් නෑ. ලබන වසරේ දී
කලප අධ්‍යාපන කර්යාලවල ව්‍යාපරිකයන් ලියාපදිංචි කිරීම ආරම්භ කරනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.