අමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ අද (05) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරක සභා අවස්ථවේ විවාදයේ අඳහස් පළ කරමිනි.
ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමත්‍යාංශය, යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද විවාදය ට
ගැණිනි.
පාසල් දරුවන් වැඩි ප්‍රමාණයක් ක්‍රීඩාවට සම්බන්ධ කරගන්න ආකාරය ගැන අපි සාකච්ඡා කළා. ඒ වගේ ම ක්‍රීඩාවට සම්බන්ධවන
දරුවන්ට අමතර ලකුණු ලබාදීමට ක්‍රමවේදයක් ඇති කළ යුතුයි.
ක්‍රීඩාව දේශපාලණී කරණය වී තිබුණේ. මහින්දානන්ද අමාත්‍යවරයා යම් තරමකට ක්‍රීඩාව වෙනුවෙන් වැඩ්ෆකළා. නමුත් ක්‍රීඩාඅව
දේශපාලනීකරණය වුණා. එහෙත් අපි ඒ ක්‍රමවේදය වෙනස් කළා.
අද ජනාධිපතිතුමා, අගමතිතුමා ක්‍රීඩාවට අතපොවන්නේ නෑ. අද නිලවරනය නිදහසේ තියනවා. උතුර , නැඟෙනහිර පළාත් මට්ටමින්
ක්‍රීඩාව ප්‍රචලිත කළහොත් මේ තරුණයන් වෙනත් දේවල් වලට යොමු වන්නේ නෑ.
ඒ වගේම ක්‍රීඩා මාෆියව ගැනත් කතා කළ යුතුයි. එන එන ඇමැති මේ මාෆියාවට හසු වුණා. ක්‍රීඩාංගනවලට දේශපාලකයින්ගේ නම් දානව. අපේ රජය යටතේ මේවා වෙන්නේ නෑ.
ක්‍රීඩා සංගම් නිලවරණවලට ක්‍රිඩා නීතිය සහ රටේ නීතිය අනුව
කටයුතු කරනවා. නමුත් පසුගිය කලයේ එසේ වුණේ නෑ. ක්‍රීඩාව
අඛණ්ඩව ගෙන යාමට නම දේශපලන අතපෙවීම නතර කළ යුතුයැයි
ද අමාත්‍යවරයා පැවසී ය.