අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කරමින් රට ගොඩනගන්න කටයුතු කරමු-ජනපති

    දෙසැම්බර් 04, 2015

    උතුම් දේශයේ, මතෘ භූමියේ,රටේ ජනතාවගේ ජාතික ආරක්ෂව සම්බන්ධයෙන් ආණ්ඩුවක් විදියට ඉටුකළ යුතු කාර්යයන් අබ පියල්ලක දුර්වලතාවක් සිදු නොවන සේ ඉතාම විශිෂ්ඨ සහ ශ්‍රේෂ්ඨ ලෙස ඉටු කරනවා. මේ රටේ යුද්ධයක් නැවත ඇති නොවන සේ ඒවා වළක්වමින් ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කරමින් රට ගොඩනගන්න කටයුතු කරමු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.


    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (04) පාර්ලිමේන්තුවේ දී අයවැය කරකසභ අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

    ආරක්ෂක අමාත්‍යාංශය,අධිකරණ අමාත්‍යාංශය, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යාංශ වල වැයශීර්ෂ අද විවාදයට ගැනිණි.

     

    ජාතික ආරක්ෂාව සහ ජාතික සංහිදියාව පිළිබඳව වර්තමානයේ ඇති වී තිබෙන සාකච්ඡා, ජනාධිපතිවරයා ලෙස අඳහස් කීපයක් ප්‍රකාශ කරනවා.අපි ජාතික ආරක්ෂාව සහ ජාතික සංහිදියව පිළිබඳව කතා කරනවිට මූලික වශයෙන් රටතුළ ඇති වී තිබෙන මේ පිළිබඳ සංවාදය,පාර්ලිමේන්තුව, දේශපාලන ක්ෂේත්‍රය, ජනමාධ්‍ය රටේ පොදු ජනතාව රජය ලෙස අවධානය යොමු කර තිබෙනවා.


    මූලික වශයෙන් ම වසර 26ක දීර්ග කාලීන යුද්ධයක්, 2009 මැයි මාසයේ 18 වෙනිදා අවසන් වීමෙන් පසුව අපි සෑම කෙනෙක් ම
    අපි සතුටට පත් වුණා. ඒ දේශපාලන නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට මම ස්තූතිවන්ත වෙනවා.

     


    ආරක්ෂක හමුදාවල, හමුදා ප්‍රධානීන් සහ ඒ සඳහා දිවි පිදූ අවසාන යුද සෙබළ දක්වා සෑම කෙනෙකුට ම ජාතියේ ගෞරවය
    හිමි වෙනවා. යුද්ධය ජයගැනීම සඳහා දේශපාලන නායකත්වය සහ ආරක්ෂක හමුදාවල රණවිරුවන්ගේ කැපවීමට ඒ සඳහා
    රටේ පොදු ජනතවගේ ආශිර්වාදයක් ලැබුණා.

     

    රටේ සියලු දේශපාලන පක්ෂත්, රාජ්‍ය සේවය ,සෑම කෙනෙක් ම සිය කැපවීම් කළා. යුද්ධය ජයග්‍රහණය කිරීමට,
    ජාතියක රටක අනාගතය සඳහා.ජාතික ආරක්ෂාව සහ සංහිදියාව පිළිබඳව කතා කිරීමේ දී අපේ අවධානය යොමු විය යුත්තේ 2009 මැයි මාසයේ 18 වැනිදා ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා ජනරජයේ ආරක්ෂ හමුදා සමඟ ඊළම් රාජ්‍ය වෙනුවෙන් රට බෙදන්න කටයුතු කළ සියලු දෙනා භෞතික වශයෙන් රට තුළ සිටි අය සටනේ සිටි අය විනාශ වුණා.විශාල පිරිසක් අත් අඩංගුවට ගත්තා. ඊළාම් රජ්‍යයක් බිහි කිරීමට අනුබල දුන් රටෙන් පිට සිටි ඊළමට සම්බන්ධ පුද්ගලයින් ජාත්‍යන්තරය තුළ හඬක් නැගුවා.

     


    යුද්ධය අවසන් කිරීමෙන් පසුව 2009 මැයි මාසයේ 19 දා මේ රටට ඉර පෑව්වේ ලෝකයේ අනෙක් රටවලට වගේ ම පශ්චාත්
    යුද සමයක ජාතික අවශ්‍යතා ඉටු කිරීම සඳහායි.ලෝකයේ බොහෝ රටවල අභ්‍යන්තර යුද, බෙදීම් ඇතිවීම් පිළිබඳව ඉතිහසය
    බලන විට යුද්ධය අවසන් වීමෙන් පසුව පශ්චත් යුද සමයේ රජයක් විදියට ඉටුකළ යුතු කර්යයන් ඉතාමත් ම වගකිව යුතු
    කාර්යයක් ඉටුකළ යුතු වෙනවා.

     


    ගෙවී ගිය වසර හයක කාලය ගත් විට මූලික වශයෙන් ම යුද්ධය අවසන් වෙලා, පශ්චාත් යුද සමයක රටක් විදියට රජයක් විදියට ඉටු නොවීම පිළිබඳ ප්‍රශ්නයට අපි අද මුහුණ දී තිබෙනවා.ප්‍රධාන වශයෙන් පසුගිය රජය යුද්ධය පැවැති ප්‍රදේශ සංවර්ධනය කරන්න විශාල වැඩ කොටසක් කළා.

     

    උතුරු වශන්තය, නැඟෙනහිර නවෝදය,භෞතික සම්පත් සංවර්ධනය පුළුල් ලෙස කළා. එහෙත් භෞතික සම්පත් කොතෙක් දුරට සංවර්ධනය කළත් යුද්ධයෙන් පීඩාවට පත් ජනතව සෑහීමකට පත් නොවීම,ජාතික සංහිදියා පිළිවෙතකට එක්නොවීම, දෙමළ ජනතාව තුළ සැකය,ආරක්ෂක හමුදාව තුළ වෛරය ඇති වීම ඒ තුළ නිදහස් මනසක් සහ සතුටු මනසක් ඇතුව ජීවත් විය හැකි පරිසරයක් ජාතික සංහිදියා පිළිවෙතක් ශක්තිමත්ව ගොඩනැගීමේ අවශ්‍යතාව ඉටු නොවීමේ ප්‍රශ්නය ප්‍රධාන වශයෙන් සිදු වුණා.

    2009 මැයි 19 වනදා හිරු උදාවන විට ජාතියක් විදියට රටක් විදියට පශ්චාත් යුද සමයක ඉටුවිය යුතු කාර්යයන් පිළිබදව ඒ ගෙවී ගිය වසර ගණන තුළ ඉටු නොවීම නිසා 2015 ජනවාරි මාසයේ නව හිරු උදා වුණේ පශ්චාත් යුද සමයක ඉටු නොවූ ජාතික සංහිදියා කාර්යය රටේ ජනතාවට බාර දී තිබෙනවා. උතුරේ සහ නැඟෙනහිර යුද්ධය පැවැති ප්‍රදේශවල අති බහුතරයක් ජනතාව මම ජනාධිපතිවරයා ලෙස පත් කරන්නට කටයුතු කළේ.

     

    නිදහස ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් වගේ ම ඉතාම අත්‍යාවශ්‍ය ජාතික අවශ්‍යතාවක් බවට පත් ව තිබූ ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කිරීමේ වගකීම ආණ්ඩුවක් ලෙස අපි බාර ගත්තා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම තුළ ජනාධිපතිවරයා යටතේ වෙනම අමාත්‍යාංශයක් පිහිටුවනු ලැබුව ජාතික ඒකාග්‍රතා සහ ජාතික සංහිදියා පිළිවෙත ක්‍රියාත්මක කිරීම පිළිබඳව.

     

    හිටපු ජනාධිපතිනිය සභාපතීත්වයට පත් කරමින් සංහිදියාව පිළිබඳව ජනාධිපති කර්යසධක බලකායක් පත් කළා.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභව හරහා විශේෂයෙන් ම අප වෙත එල්ල වී ඇති මානව හිමිකම් කඩවීම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති යෝජනා අප වෙත ඉදිරිපත් වුණේ.

     

    නව රජයේ උත්සහය තුළ එන ඉල්ලීම කල්දම ගැනීමට අපට පුළුවන් කම ලැබුණා.සැප්තැම්බර් මස වනවිට අපේ අලුත් වැඩපිළිවෙල ජාතික ආරක්ෂව වගේම ජාතික සංහිදියාව පිළිබඳව මේ රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම්,මැලේ, බර්ගර් සියලු ජනතාවගේ සැකය අවිශ්වාසය දුරු වීම,විශ්වාසට ඇතී වීම,පිළිබඳව රජයක් විදියට ගන්නා වූ ක්‍රියාමාර්ග පසුගිය මාස 10 තුළ ම විශ්වාස කරනවා සාර්ථ්ක වූ බවට අපි එම ප්‍රශ්නයට ආණ්ඩුවක් ලෙස රටක් ජාතියක් මුහුණ දී සිටිනවා. සියලු ජනකොටස්වල,ආගමික නායකයන්ගේ ආශිර්වාදය බලපොරොත්තු වෙනවා.

     

    ඒ සඳහා ප්‍රධාන පක්ෂ දෙක එක්ව අපි ප්‍රධාන වශයෙන් එකතු වෙලා ආණ්ඩුවක් ලෙස කටයුතු කරන්නේ එකතුවෙලා, මේ ප්‍රශ්නවලට විසඳුම් ලබගෙන ඉදිරියේ නැවත යුද්ධයක් ඇති වීම නැවැත්වීමට කටයුතු කරන්න.

     


    ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කරන කාර්යයේ දී ප්‍රධාන වශයෙන් සඳහන් කරන්නට අවශ්‍යයි හිටපු ජනාධිපතිතුමගේ කාලයේ පත් කරන ලද එල්.එල්.ආර්.සී.කොමිෂමේ ප්‍රධාන වශයෙන් ම එහි දිබෙන කරුණු යෝජනා තුළ ප්‍රධාන කරණයක් තමයි,ජාතික සංහිදියා පිළිවෙතක් ඉටුකරමින් යුද්ධයක් ඇති කිරීම නැවත වැළක්වීම සඳහා සියලු පාර්ශව ,සියලු සංවිධාන සමඟ සාකච්ඡා කිරීම හා සියලු පාර්ශවයන්ගේ සිත් දිනාගැනීම රජය විසින් කළ යුතුයි කියන යෝජනාව.

     

    ඒ නිර්දේශය මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනාවලත් තිබෙනවා.මේ තුළ කටයුතු කිරීමේ දී මූලික වශයෙන් ම ජාතික ආරක්ෂව අංක එක ලෙස ප්‍රමුඛතාවයේ සළකනවා.මේ උතුම් දේශයේ, මතෘ භූමියේ,රටේ ජනතාවගේ ජාතික ආරක්ෂව සම්බන්ධයෙන් ආණ්ඩුවක් විදියට ඉටුකළ යුතු කාර්යයන් අබ පියල්ලක දුර්වලතාවක් සිදු නොවන සේ ඉතාම විශිෂ්ඨ සහ ශ්‍රේෂ්ඨ ලෙස අපේ ආණ්ඩුව ඉටු කරනවා.

     

    එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියකරීත්වයේ සිටි සිරකරුවන් කීපදෙනෙකුට ඇප ලබදුන්නා.යම් නිදහස් කිරීම් සඳහා යම් යම් ක්‍රියාමර්ග ගන්නවා.තහනම් කර තිබූ ඩයස්පෝරා සංවිධාන අටක තහනම ඉවත් කරනු ලැබුවා.

     


    එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියකරීත්වයේ සිටි සිරකරුවන් කීපදෙනෙකුට ඇප ලබදුන්නා.යම් නිදහස් කිරීම් සඳහා යම් යම් ක්‍රියාමර්ග ගන්නවා.තහනම් කර තිබූ ඩයස්පෝරා සංවිධාන අටක තහනම ඉවත් කරනු ලැබුවා.උතුරේ වේවා, දකුණේ වේවා, අන්තවදී පිරිස් තම අරමුණු ඉටුකරගැනීමට කටයුතු කරනවා නම්. දේශප්‍රේමීත්වය තිබිය යුත්තේ සැබෑ ලෙසම අද වර්තමානය ගත්තොත් මේ රටේ නැවත යුද්ධයක් ඇති වීම වළක්වාගෙන නිදහස් සාමකමී රටක් ලෙස කටයුතු කිරීමේ වගකීමක් ගොඩනැගීම. ඒ තුළ ප්‍රධාන වශයෙන් ම සිහිපත් කළේ, එල් .එල්.ආර්. සී. නිර්දේශවල තිබෙන්නෙත් සියලු පාර්ශව සමඟ සකච්ඡා කිරීමේ අවශ්‍යතාවයි. මෙවර ඩයස්පෝරා සංවිධානවල තහනම ඉවත් කිරීමේ දී ජාතික් ඔත්තු සේවාවල වාර්තා ලබාගෙන ඒ තනනම ඉවත් කළේ.

     

    සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව,රජයට චෝදනා එල්ල කරනවා.නැවත යුද්ධයක් ඇතිවෙන්න පුළුවන් කියනවා.එල්.ටී.ටී.ඊ සංවිධානය ඇති වෙන්න පුළුවන් කිව්වා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන ලෝකයේ සෑම රටකම මෙවැනි ප්‍රශ්නයක දී කොයි ආකාරයෙන් ද කටයුතු කර තිබෙන්නේ.අපි බෞද්ධයන් ලෙස දන්නවා,මූලික වශයෙන් ම එදිරිවාදීකම්,වෛරය ,ක්‍රෝධය,ද්වේෂය,සිත් තුළින් ඉවත් කරගැනීම සඳහා කටයුතු කිරීමේ දී ඊට අදාළ සියළු පාර්ශව එකඟතව ඇතිකර ගැනීම ඉතමත් ම අවශ්‍ය වෙනවා.

     


    අවිශ්වාසය ,සැකය දුරු කර යුතු වෙනවා.මේ තුළ සෑම කෙනෙක් ම තම හෞද සක්ෂියට අනුව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.ඉතාම පැහැදිළිව කියන්නට අවශ්‍යයි අපි රජයක් ලෙස සියලු පාර්ශව සමඟ සාකච්ඡ කිරීම ඉතාම අවශ්‍යයි, නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා.

     


    උතුරේ සහ දකුණේ සිටින තරුණ පිරිස සහ ජනතාව ගත හොත් අපි දන්නවා 1971 කැරැල්ල,88-89 කැරැල්ල,දන්නවා. උතුරේ ඇති වූ තත්ත්වය ඊට වඩ වෙනස් කියල අපි දන්නවා.මේ සියල්ල අධ්‍යයනය කිරීමේ දී ප්‍රධාන වශයෙන් ම තරුණ පිරිස් තමයි මේ සටන්වල ඉදිරියට ආවේ.අපි සෑම කෙනෙකුගේම වගකීම නැවත මේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට මූලික වශයෙන් ම උතුරේ තරුණ පිරිස් අතට ආයුධ ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් රජයක් ලෙස කළ යුතු කාර්යයන් නොපිරිහෙළා ඉටුකර යුතු වෙනවා.

     


    ඒ සඳහා උතුරේ ජනතාවගේ විශ්වාසය දිනාගත යුතු වෙනවා.ඒ තුළයි ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කිරීමට හැකි වන්නේ.ඒ පිරිස්වල හිත් දිනාගැනීමේ කාර්යයේ දී අපට පහැදිළිව ඔප්පු වී හමාරයි භෞතික සම්පත් සංවර්ධනය තුළ මිනිසුන්ගේ හිත් දිනාගැනීමට නොහැකි බව.එම ජනතවගේ සිත් දිනාගැනීම සඳහා ඔවුන්ගේ හදවත්වල තිබෙන ප්‍රශ්න, ඔවුන්ගේ මනසේ තිබෙන ප්‍රශ්න, ඔවුන් මුහුණ දෙන ගැටළු පුළුල් ලෙස අධ්‍යයනය කරමින් එකම රටක් ලෙස ශ්‍රී ලාංකිකයන් ලෙස එකම ජාතියක් ලෙස ඉදිරියට යන්නට සෑම දෙනාගෙම සහෝදරත්ව, මිත්‍රශීලීත්වය තුළ කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා.

     


    එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැඟෙනහිරට නායකත්වය ලබාදුන් කරුණා අම්මාන් මහතා,මන්ත්‍රී කළා, ඇමැතිවරයෙක් කළා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති කළා. මගේ පෞද්ගලික අඳහස නම් අපි අද ගෙන යන ජාතික සංහිදියා පිළිවෙත් අතුළ මම වරදක් ලෙස දකින්නේ නෑ.

     

    නැඟෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පිල්ලෙයාන් මහතා පත් කරගෙන සිටියා.කේ .පී පිළිබඳ අපි දන්නවා.ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයෙක්.ඒ පිළිබඳව එදා රජය අනුගමනය කළ පිළිවෙතත්,මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාලේ,එල්.ටී.ටී.ඊ සිරකරුවන් 12,000ක් පුනරුත්ථපනය කර නිදහස් කළා.ඒ තත්ත්වයට ඒ අය ගත්තානම් 12,000ක් පුනරුත්ථාපනය කර නිදාහස් කළා නම් අද සිරගෙවල් වල ඉන්න පිරිස සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තියේ දී ඔවුන්ව නිදහස් කිරීම,සමාව දීම,පුනරුත්ථාපනය කිරීම වැරදිද? කියන කරණය අසනවා.

     

     

    මේ තුළ ජතික ආරක්ෂව බිද වැටීමක් කිසිසේත් සිදු වන්නේ නෑ.ලෝකය මෙවැනි ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා.මේ කාර්යය සඳහා ආණ්ඩුවක් ලෙස කටයුතු කරනකොට ජාතිවාදි ලෙස පටු ලෙස කටයුතු කරලා රටේ සිංහල බෞද්ධ ජනතාවගේ මනසට වැරදි මතයක් ගොඩ නැගීමෙන් වැළකෙන්නැයි කියලා විශේෂයෙන් ජාතිවාදය අවුස්සන අයගෙන් ඉල්ලා සිටිනවා.

     


    අපිටත් මිනිසුන්ගේ ලේ ඇවිස්සෙන්න කතා කරන්න පුළුවන්.ඒවා ඡන්දවලට ආකර්ෂණය වන්න පුළුවන්.මාධ්‍යයට ආකර්ෂණය වන්න පුළුවන්.පුද්ගල චරිත ගොඩනැඟෙන්න පුළුවන්.ජාතියක අනාගතය සඳහා එය මහා පපකර්මය, මහා ඛේදවාචකයක් කියල සඳහන් කරනවා.


    රජයක් ලෙස ජාතික ආරක්ෂව පිළිබඳ ප්‍රශ්නයේ දී මූලික වශයෙන් යුද ගුවන් නවික ත්‍රිවිධ හමුදාවේ ගුණාත්මභාවය වැඩි කිරීමට සෑම පියවරක් ම ගන්නවා.

     

    ත්‍රිවිධ හමුදාවට දැනුම වර්ධනය කරමින් පුහුණුව ලබාදෙමින් අන්තර් ජාතික සාම හමුදාවට වැඩිපුර පිරිස් ගැනීම, ඒ සඳහා
    එකඟතා ලබාදීල, අපේ වෙරළ ආරක්ෂව සම්බන්ධයෙන් සම්පූර්ණ පහසුකම් ලබාදෙනවා. ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා,
    පොලිස් සේවාවේ දුර්වලකම් අඩුපඩු සකස් කරලා පොලිස් සේවයත් ගුණාත්මක සේවයක් බවට පත් කරන්නට.

    ආණ්ඩුව විපක්ෂය මේ රටේ සියලු දේශපාලන ක්ෂේත්‍රයේ අය ජනමාධ්‍ය ආයතන ආදරණීය පොදු ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා,මේ රටේ යුද්ධයක් නැවත ඇති නොවන සේ ඒවා වළක්වමින් ජාතික සංහිදිය පිළිවෙත ශක්තිමත් කරමින්, තරුණ පිරිස් අතට නැවත තුවක්තුවක් ගැනීමට ඉඩකඩ අහුරවමින් රටක් ලෙස සියලු දෙනා එකතුවෙලා රට ගොඩනගන්න කටයුතු කරමු යැයි ද ජනාධිපතිතුමා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya