මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෘහ සේවයට නුපුහුණු කාන්තාවන් විදේශගත වීම නතර කළ යුතුයි- නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා

    දෙසැම්බර් 04, 2015

    ගෘහ සේවයේ රැකියා සඳහා නුපුහුණු කාන්තාවන් විදේශගත වීම නතරකළ යුතුයි කියා යෝජනා කරන බවත් යම්ලෙසකින් ශ්‍රී ලාංකික කාන්තාව මරාදැමුව හොත් සවුදි අරාබියට ගෘහ සේවිකාවන් යැවීම නතරකළ යුතු බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අඳහස් දැක්වූයේ අද (04) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථවේ විවාදයේ අඳහස්
    දක්වමිනි.


    එදා රිෂානා නෆික් බේරාගැනීමට විශ්වාසභංගයක් ගෙනාවා. එදා අපි කිව්වා රජයේ දුර්වලතාවක් කියලා. අද අපේ රජයත් එයට මුහුණ දී
    තිබෙනවා.අද කාන්තාවක් අසරණ වෙලා ගල්ගසා මරාදැමීමට සිරගත වී සිටිනවා. ඇගේ නම හෙළි කරන්නේ නෑ, ඇගේ පවුලේ අයට බරපතල ලෙස බලපාන තත්ත්වයක් නිසා.


    මේ ප්‍රශ්නයට හේතුව රටේ ප්‍රමාණවත් රැකියා උත්පාදනයක් කරන්න බැරි වීමයි. ඒ නිසා ප්‍රමාණවත් බරපතල කොන්දේසිවලට යටත්ව රැකියා කරන්න යනවා, විදේශගතව. සවුදියේ දී මේ තත්ත්වයට මුහුණ දී සිටින කාන්තාව මුදවාගැනීමට ජාති ආගම් භෙදයෙන් තොරව කටයුතු කළයුතු සෑම පියවරක් ම ගත යුතුයි. මේවා සැඟවිය යුතු ප්‍රශ්න නොවේ,කතා කළ යුතු ප්‍රශ්නයි.


    විදේශ රැකියා යවන නුපුහුණු කාන්තවන් විදේශගත වීම නතර කළ යුතුයි කියා යෝජනා කරනවා.යම්ලෙසකින් කාන්තාව මරාදැමුව
    හොත් සවුදි අරාබියට ගෘහ සේවිකාවන් යැවීම නතරකළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya