මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන ස්ථාවරභාවය ඇති වී තිබෙනවා- අමාත්‍ය මහින්ද සමරසිංහ

    දෙසැම්බර් 03, 2015

    රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා ඇති කර තිබෙන ආණ්ඩුව තුළ දේශපාලන ස්ථාවරභාවය ඇති වී තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

    දේශපාලන ස්ථාවරභාවය තිබෙන රටකට තමයි ආයෝජකයින් එන්නේ. ජනාධිපතිතුමා ස්ව කැමැත්තෙන් ම තමන්ගේ බලය පරිත්‍යාග කර තිබීම ඓතිහාසිකයි. ජනාධිපතිතුමාගේ මුල්ම විදේශ සංචාරයේදි බ්‍රිතාන්‍යයෙන් එතුමාට ලැබුණු පිළිගැනිම ඓතිහාසිකයි. එය අපි වැනි කුඩා රටකට ලැබුණු එම පිළිගැනිම විශේෂයි.

    ජනාධිපතිතුමා ඔහුගේ අතේ තිබූ බලතල අතහැරියා. අපේ ජනාධිපතිතුමා ලෝකයේම පිළිගන්නේ ඒ නිසායි. බ්‍රිතාන්‍යයේ දි ඔහුට ලොකු පිළිගැනීමක් ලැබුණා. චීනයේදීත් එහෙමයි. ඉන්දියාව අපේ රට සමඟ කිට්ටු සම්බන්ධතාවක් ඇති කර ගෙන තිබෙනවා. ජාත්‍යන්තරය අප දෙස බලන විදිය වෙනස් වෙලා. අයවැයට දෙමළ, මුස්ලිම් සියලු මන්ත්‍රීන් ඡන්දය දුන්නා. තොරතුරු දැන ගැනීමේ පනතට කැබිනට් මණ්ඩලයේදි ඊයේ අනුමැතිය පළ වුණා යැයි ද අමාත්‍යවරයා විවාදයේ අඳහස් දක්වමින් වැඩි දුරටත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya