මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙය රටේ අයවැයයි - අපි මේ රටේ ආර්ථිකය හදනවා-මුදල් අමාත්‍ය රවී කරුණානායක

    දෙසැම්බර් 02, 2015

    මෙය රටේ ආයවැයයි.අපි මේ රටේ ආර්ථිකය හදනවා. ඒ සඳහා සියලු දෙනා එකතු කර ගන්නවා. දේශීය ව්‍යවසායකයට දිරිගැන්වීම් කරනවා. මේ රටට තාක්ෂණය ගේනවා. රටේ ඉලක්ක සපුරා ගන්නයි ආයෝජකයන් ගෙන එන්නේ යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.


    විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවදයේ පිළිතුරු කතාව කරමින් මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.


    අයවැයේ අවශ්‍යතාව පරිදි නම්‍යශීලීව කටයුතු කරනවා. අපි අලුතින් ම ආර්ථිකය ගොඩනගන්න සිතුවා.ඇතැමුන් සංවිධායකව අඳහස් ඉදිරිපත් කළා. ඇතැමුන් කුහුක කමින් ඉදිරිපත් කර තිබෙනවා.

     

    පොහොර සහනාධාරයට රුපියල් බිලියන 35ක් වෙන් කර තිබුණා.එය බිලියන 37.5ක් දක්වා වැඩිකර තිබෙනවා.වසර 2016 ට
    බිලියන 35ක් දැනටමත් මුදල් වෙන් කර තිබෙනවා.පළතුරු හා එළවළු වලටත් පොහොර සහනාධරය එකතු කර තිබෙනවා.

     

    අයවැය ගැන ,අධ්‍යාපනය ගැන කියා ජනතාව නොමඟ යාවා තිබෙනවා. පාසල් සඳහා අනීපාරක්ෂක පහසුකම් ලබාදිය
    යුතුයි.පාසල් සඳහා සනීපාරක්ෂක, පානීය ජලය පහසුකම් ලබා දී තිබෙනවා.

     

    මෙයට අමතරව, නිවාස, ඉදිකිරීම්, මානව සම්පත් සංවර්ධනය ආදී අධ්‍යාපනයේ සියලු පහසුකම් සියලු අංශ ආවරණය වන පරිදි විශාල
    ප්‍රතිපාදනයක් වෙන් කර තිබෙනවා.

     

    රාජ්‍ය සේවකයන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුපක් සඳහා රුපියල් මිලියන 1000ක අරමුදලක් පිහිටුවනව. දුම් පරීක්ෂාවෙන් ලැබෙන
    ආදායම රජයේ ඒකාබද්ධ අරමුදලට ඇතුළත් කරනවා.අපේ ණය බරතාවය ගෙවන්න බෑ අපට ලබෙන ආදායම මඟින්.ශක්තිමත් ව්‍යවසායකයන් නිර්මාණය කිරීමයි අවශ්‍ය වන්නේ.අපේ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමයි සිදු කරන්නේ.අයවැය මෙලෝ රහක් නෑ කියනවා. ඒත් පන්සල්වල ගිහින් එක එක කතා කියනවා.

     

    පෝට් සිටි එකේ අක්කර 214ක් දුන්නේ කවුද? ඒක නතර කළේ අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා. වාහන බලපත්‍රයට විකල්පයක් ඉදිරිපත් කර තිබෙනව. ඉදිරියේ දී එයට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශිකයන්ට කිසිදු ඉඩමක් සින්නක්කර ලෙස ලබාදෙන්නේ නෑ.  

    අපි මේ රටේ ආර්ථිකය හදනවා. ඒ සඳහා සියලු දෙනා එක්කර ගන්නවා. දේශීය ව්‍යවසායකයට දිරිගැන්වීම් කරනවා. මේ රටට තාක්ෂණය ගේනවා.රටේ ඉලක්ක සපුරා ගන්නයි ආයෝජකයන් ගේන්නේ.අයෝජකයන් රටට ගලා එනවා. සැබෑ රුපියලේ තත්ත්වය ගෙන එනවා.විදේශිකයන්ට වත්කම් විකුණන්නේ නෑ.අපිට අවශ්‍ය රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නයි.මෙය රටේ අයවැයයි.අලුත් ශ්‍රී ලංකාවක් බිහිකරමු යැයි ද අමාත්‍යවරයා පෑසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya