මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවැනිවර කියවීමට පක්ෂව ඡන්ද 159 යි -විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සම්මතයි

    දෙසැම්බර් 02, 2015

    විසර්ජන පනත් කෙටුම්පත - 2016 දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

    විසර්ජනපනත් කෙටුම්පත කියවීමේ ඡන්ද විමසීම අද (02) ප.ව. 5.30ට ආරම්භ විය.නාමිකව ඡන්දය විමසන ලදී .

    දෙවැනිවර කියවීමට පක්ෂව ඡන්ද 159 ක් ද විපක්ෂව ඡන්ද 52ක් ද ලැබිණි. නොපැමිණි මන්ත්‍රී සංඛ්‍යාව 13කි.ඒ අනුව දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය.

    දෙමළ ජාතික සන්ධානය පක්ෂව ඡන්දය භාවිත කළ අතර ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව ඡන්දය භාවිත කළේ ය. හිටපු ජනාධිපති,
    කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.

     

    දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය 21 දින ආරම්භ විය.දෙවැනිවර කියවීමේ විවාදයට වෙන්කළ දින ගණන 9කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya