මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම කර තිබෙනවා

    දෙසැම්බර් 02, 2015

    අයවැයෙන් මිලියනයක් රැකියා ඇතිකිරීම හා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම කර තිබෙන බවත් රොබින්හූඩ් සිද්ධාන්ත පාවිච්චි කර නැති බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේ ය.

    ආර්ථික සාමාජීය ව්‍යවස්ථාමය වෙනස්කම් රැසක් පසුගිය මාස දහය තුළ සිදු කළා.භෞතික සංවර්ධනය සැබෑ සංවර්ධනයද?යුද්ධයෙන් පසු සංවර්ධනයක් උතුරේ සිදු කළත් උතුරේ ජනතාවගේ සිත් දිනගැනීමට නොහැකි වුණා.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විධයකයේ අත්තනෝමතික බලතල අඩුකර ,කොමිසන් සභා පිහිටුවා තිබෙනවා. එය මින් පෙර කිසිදු නායකයෙක් සිදු නොකළ දෙයක්.


    පක්ෂය හෝ තනතුර ඉදිරියේ ජනාධිපතිතුමා සිතුවේ රට ගැනයි. අපට රටක් ලෙස හුදකලාව සිටීමට බෑ.මේ අයවැයෙන් මිලියනයක් රැකියා ඇතිකිරීම හා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න යෝජනා කර තිබෙනවා. රොබින්හූඩ් සිද්ධාන්ත පාවිච්චි කර නෑ.වාහන බලපත්‍ර පිළිබඳව සහනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya