මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තදබදයට විසඳුමක් ලෙස 'ළඟම පාසල හොඳම පාසල'' සංකල්පය යටතේ ප්‍රතිඵල ඉහළ නංවන්න කටයුතු කරනවා

    දෙසැම්බර් 02, 2015

    පාසල්වල තදබදයට විසඳුමක් ලෙස 'ළඟම පාසල හොඳම පාසල'' යන සංකල්පය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින්ම පාසල් දෙකක්වත් ජනප්‍රිය පාසල්වල තිබෙන භෞතික හා මානව සම්පත් ලබාදී ප්‍රතිඵල ඉහළ නංවන්න කටයුතු කරන බව බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (02) පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ කළේ ය.


    අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් යොමු කොට තිබූ වාචික පිළිතුරු
    අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.

     

    මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය වසා දැමීමේ උත්සහයක් ඇතැයි ප්‍රචාරය වන මතය අසත්‍යයක්. මාතර, මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ
    ශ්‍රවණාගරයේ සහ තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ප්‍රතිපාදන ලැබුණු පසු ඉදිකිරීම් ආරම්භ කර තිබෙන බව පිළිතුරු දෙමින්
    අමාත්‍යවරයා පැවසී ය.

     

    ක්‍රීඩා පිටිය හැර ඉතිරි ඉදිකිරීම් නිමකිරීමට පියවර ගෙන තිබෙනවා.නෙවාසිකාගාරය ඉදිකිරීමට කටයුතු කරනවා.එය 2016 වර්ෂයේ
    ආරම්භ කිරීමට අපේක්ෂිතයි.

    ආදර්ශ පාසල් සඳහා මුදල් වෙන්කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන්
    අමාත්‍යවරයා පවසා සිටියේ,එන වසරේ මුදල් පිළිබඳව, ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන්නේ කොහොමද,පසුගිය වසරවල ආරම්භ කළ
    වැඩ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා සමාලෝචනයක් කර ඊට අවශ්‍ය පියවර ගන්නවා යැයි කීය.

     

    ශිෂ්‍යත්ව පන්තියටවත් පළමු වසරටවත් එකම ළමයෙක්වත් ගන්න නිර්දේශ කර නෑ.ශිෂ්‍යත්ව ලකුණු මතයි ඇතුළත් කර තිබෙන්නේ.මා
    අධ්‍යාපන ඇමැති වූවාට පසු කිසිම ළමයෙක් දමන්න උත්සහ කර නෑ.අධ්‍යාපන අමාත්‍යාංශයේ මුදල් සාධරණ ලෙස බෙදි නොගිය
    තත්ත්වයක් පසුගිය කාලයේ දක්නට ලැබී තිබෙනවා.සමහර පසල්වලට ශතපහක්වත් ලැබිලා තිබුණේ නෑ.

    ''ළඟම පසල් හොඳම පාසල'' කියන සංකල්පය යටතේ උත්සහ කරන්නේ,සාධාරණ ලෙස තදබදයට විසඳුමක් ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් පාසල් දෙකක්වත් ජනප්‍රිය පාසල්වල තිබෙන භෞතික, හා මානව සම්පත් ලබාදී ,ප්‍රතිඵල ඉහළ නංවන්න කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya