මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන් පිළිබඳව විශේෂ අවධානයක් අයවැයෙන් යොමු කර තිබෙනවා

    දෙසැම්බර් 02, 2015

    ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන් පිළිබඳව පළමු වරට විශේෂ අවධානයක් මෙවර අයවැයෙන් යොමු කර තිබෙන බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද (02) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේ ය.

    මේ අයවැය ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂයේ උපනායක, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතායි.මේ අයවැය පිළිබඳව ඇතැම් ගැටළු තිබෙනවා. මේ ගැටළු විසඳාගෙන ඉදිරියට යා යුතුයි.මූලික ජාතික කාරණා ඉලක්ක කරගෙන ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ආණ්ඩුවක් සකසා ගත්තා.

    මේ අයවැයේ විශේෂ කාරණය තමයි,අපේ සුළු,කුඩා, මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබීම.පුංචි ව්‍යවසායකයන් අද මේ රටේ සියයට අනූ නවයක් වන ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන් පිළිබඳව පළමු වරට විශේෂ අවධානයක් මෙවර අයවැයෙන් යොමු කරලා තිබෙනවා. ඒ හරහා ඇප නොමැතිව ණය දීමට අරමුදලක් සඳහා යෝජනා කර තිබෙනවා.දිවිනැගුම, සමෘද්ධි ව්‍යාපරය ලෙස ඉදිරියට ගෙනි යනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya