මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට ගැළපෙන මනා ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා

    දෙසැම්බර් 02, 2015

    අදට ගැළපෙන, රටට ගැළපෙන මනා ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙන බවත් විදුලිය උත්පදනයේ දී වඩාත් හොඳ කොන්දේසි මත පෞද්ගලික ව්‍යවසායන්ට ඉඩ සැළසීමට අවශ්‍ය බවත් විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි


    අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේ ය.

     

    එදා ජනතාව බුක්තිවින්දේ නැති අයිතිවාසිකම් අද බුක්තිවිදිනවා. ජනාධිපතිතුමා කැපවීමක් කරල, අවධනමක් අරගැනීමේ ප්‍රතිඵලය උදාවන්නේ, ආර්ථිකය සංවර්ධනය කර නවෝත්පාදන ආර්ථිකයක් තුළ රට සංවර්ධනය කරන ඉලක්කය ශක්තිමත් කළ හොත් පමණයි.

     

    අපේ රට එදා තිබුණාට වඩා අද සංවර්ධනයක්,ගුණාත්මකභාවයක් ඇති වී තිබෙනවා.ඒ විජයග්‍රහණයේ අයිතිකරු ලිබරල් ආර්ථික
    ප්‍රතිපත්තියයි.


    අදට ගැළපෙන, රටට ගැළපෙන මනා ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නවෝත්පාද සමාජ වෙළඳපොළ ආර්ථිකයක්,අපි
    අලුත් අත්හදා බැලීමක් කරන්න සූදානම්.අද එ.ජා.පය ශ්‍රී ල.නි.ප ය එකඟතාවයට ඇවිත් තිබෙනවා.

     

    මේ සභාවේ විවේචන තිබුණා. ඒ විවේචන කොපමණ සාධාරණ ද කියල බලන්න ඕන.පුනර්ජනනීය බලශක්තියට ආයෝජන බලාපොරොත්තු වෙනවා. රජය තමයි, විදුලිය සැපයුමට හොඳම ආකාරයේ සේවයක් ලබාදෙන්නේ. වඩාත් හොඳ කොන්දේසි මත පෞද්ගලික ව්‍යවසායන්ට ඉඩ සළස්වන්න අවශ්‍යයි විදුලිය උත්පාදනය කිරීම සඳහා.


    රජයේ ඉඩම් විදේශිකයන්ට විකුණනවා කීම අසත්‍යයක්. කිසිම් අපේ රටේ පුරවැසියන්ට ලබාදීම රජයේ ඉඩම්වල ජීවත්වන අහිංසක
    මිනිස්සුන්ට ජීවිතයේ ඉදිරි පිම්මක් පනින්න බැරුව පසුගාමී ජීවිත ගත කරන මිලියන ගණනවක් ඉන්නවා. ඒ නිසා ඉඩමක වසර
    දහයකට වඩා සිටින පුරවැසියන්ට ඔප්පු ලබාදීමට කටයුතු කරන්නේ.

    මේ නව ආර්ථික වෙළඳපොළ තුළ සමාජ වෙළඳ පොළ ආර්ථිකය තුළ පුරවැසියන්ට ආර්ථිකයේ උරුමය අත්කර දීම අපේ අරමුණ යැයි ද
    අමාත්‍යවරයා විවාදයේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya