මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තරය යළි දිනාගැනීමට හැකි වුණා- විදේශ කටයුතු අමාත්‍ය

    දෙසැම්බර් 02, 2015

    ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ කැපී පෙනෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් වී තිබෙන බවත් ජාත්‍යන්තරය යළි දිනාගැනීමට හැකි වූ බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමවීර මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේ ය.


    ජනවාරි අටවැනිදා මේ රටේ දේශපාලන සමන් මඟ සහමුලින් ම වෙනස් කළා.එකාධිපතීත්වයෙන් කටයුතු කළ ගජමිතුරු පලනය
    නතර කර නීතියේ ආධිපත්‍ය තහවුරු කර නව ශ්‍රී ලංකාවක් කරා යාමේ ගමන් මග ආරම්භ කළා.

    රාජ්‍ය සේවකයන් සඳහා පඬි රුපියල් 10,000කින් වැඩි කළා.සමෘද්ධි දීමනාව වැඩි කළා.අවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩු කළා.ඉතාමත්
    ඉක්මනින් කාරණා සියයක් ඉටු කිරීමට අපට හැකි වුණා.අද ජනමාධ්‍යවේදීන්ට තම පෑන පාවිච්චි කරන්න තහනමක් නෑ.අද හතරවැනි තට්ටුවට ගෙනි යන්නේ නෑ.අද එවැනි තත්ත්වයක් නෑ.

    අලුත් සංස්කෘතියක් ආරම්භ කර තිබෙනවා. මේ වනවිට ශ්‍රී ලංකාව ලෝකයේ කැපී පෙනෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් වී
    තිබෙනවා.ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය, සංහිදියාව ශක්තිමත් කිරීම කරන අතරේ අග්‍රාමාත්‍යතුමා ආර්ථික ප්‍රතිසංස්කරණයට
    කටයුතු කරනවා.

    19 සංශෝධනය නිසා අධිකරණය, පොලීසිය,අල්ලස් කොමිසම,මැතිවරණ කොමිසම ස්වාධීනව කටයුතු කරනවා.2016
    වසරේ දී පාර්ලිමේන්තුව ව්‍යවස්ථදායක සභාවක් බවට පත් කරන්න දැනටමත් කටයුතු කරමින් සිටිනවා.

    ජාත්‍යන්තරය යළි අප දිනාගත්තා.මුළු ලෝකයම, සංහිදියාවට ශ්‍රී ලංකව මුල්තැන දී කටයුතු කරනවා.සියලු ජනතාවට බියෙන් සැකෙන්
    තොරව ජීවත් වෙන්න පුළුවන්.ඒ නිසා අපි ඔක්කෝම එකතුවෙලා අයවැයට අත් ඔසවන්න යැයි ද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya