මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විද්‍යාලයේ සිසුන්ගේ විභාග ප්‍රශ්න පත්‍ර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මකයි

    දෙසැම්බර් 02, 2015

    නීති විද්‍යාලයේ සිසුන්ගේ විභාග සඳහා නිකුත් කරනු ලබන ප්‍රශ්න පත්‍ර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂවෙන් නිකුත් කිරීමට උපදෙස් දුන් බවත් දැනටමත් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා විසින් යොමු කොට තිබූ වාචික
    පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.

    මේ පිළිබඳව අමාත්‍යධූරය ලැබූ පළමු සතියේම කටයුතු කළා. දැනටමත් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා.

    2014 වසරේ නීතිවිද්‍යාල සිසුන්ගේ විභාග ප්‍රශ්න පත්‍ර ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කර තිබීම හේතුවෙන් සිංහල සහ දෙමළ
    මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ සිසුන් අසාධාරණයක් හා අපහසුතාවක් සිදු වූ බවද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya