ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය, රුසියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක එලියාස් උමාක් නොව් ( Hon.Elias Umakhanav), සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත,අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් වෙත ද ''පාර්ලිමේන්තුවේ තිලංග'' කෘතිය පිළිගැන්වීම සිදු විය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු නිලධාරීහූ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.