මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය වී සඳහා සහතික මිලක් ලබා දී ඇත්තේ ගොවියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටයි-අමාත්‍ය පී. හැරිසන්

    දෙසැම්බර් 01, 2015

    රජය වී සඳහා සහතික මිලක් ලබාදී ඇත්තේ ගොවියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් බවත් පෞද්ගලික වී මෝල් හිමියන්ට ලබාදුන් වී  ප්‍රමාණයට සහල් ලබානොදීම නිසා එවැනි වී මෝල් හිමියන් 38කට විරුද්ධව පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන බවත්  ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, සහල් ආපසු බාර නොදුන් තවත් මෝල් හිමියන් 23කට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවය.

    රජය වෙනුවෙන් වී සඳහා සහතික මිලක් ලබාදී ඇත්තේ ගොවියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින්.ගොවීන්ට සුබසාධන සේවාවන් සැලසීමේ දී රජයට පාඩු විදීමට සිදු විය හැකිය.වී අලෙවි මණ්ඩලයෙන් වී විකුණලා, බලාපොරොත්තු වෙනවා, මහ භාණ්ඩාගාරයට රුපියල් බිලියන 10ක් ආපසු ලබාදෙන්න.

     

    වී අලෙවි මණ්ඩලයේ සතපහකවත් වංචාවක් කරන්න ඉඩ දෙන්නේ නෑ. ඉදිරි මහ කන්නයේ දී ගොවි ජනතාවගේ,පාරිභෝගිකයා යන දෙපාර්ශවයේ ම අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් වී වලට සහතික මිලක් නියම කරන්නට කටයුතු කරගෙන යනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya